ශ්‍රී ලංකාවේ නැගෙනෙහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇත. විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලකි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ඇත. විහාරමහා දේවිය ගොඩ බට ස්ථානය මෙය බවටද ජනශ්‍රැතියේ විශ්වාසයක් ඇත. මෙය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පිලිගැනේ. වර්තමානයේද මෙම ස්ථානයේ විහාරයක් ඇත. 6°52′39″N 81°50′20″E / 6.87750°N 81.83889°E
| මුහුදු මහා විහාරය | |
|---|---|
මුහුදු මහා විහාරය,පොතුවිල් , ශ්‍රී ලංකාව | |
| විස්තර | |
| පිහිටුවීම | |
| නිර්මාතෘ | කාවන්තිස්ස රජ |
| පිහිටුම් තොරතුරු | |
| රට | ශ්‍රී ලංකාව |
| ද්වාරය:බුද්ධාගම | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුහුදු මහා විහාරය පිළිබඳ තොරතුරු, මුහුදු මහා විහාරය යනු කුමක්ද? මුහුදු මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?