රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ආසන 30,000 කින් සමන්විත විවිධ අංශයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාංගනයකි. එය දැනට වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි. මධ්‍යම පලාතේ දඹූල්ල නගරය ආසන්නව වපසරිය අක්කර 60ක්(ව.මී 240,000) වන රන්ගිරි දඹුල්ල විහාරයෙන් බදු ගන්නා ලද භූමියක පිහිටා ඇත. මෙම ක්‍රීඩාංගනය ඉබ්බංකටුව වැවට මායිම්ව ගොඩනගා තිබේ.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
දඹුල්ල ක්‍රීඩාංගනය
පිහිටුමදඹුල්ල, මධ්‍යම පලාත
ඛණ්ඩාංක7°51′34″N 80°38′02″E / 7.85944°N 80.63389°E / 7.85944; 80.63389
අයිතිකරුශ්‍රී ලංකා ක්‍රිකට්
ක්‍රියාකරුශ්‍රී ලංකා ක්‍රිකට්
ධාරිතාව30,000 (approx)

ඉතිහාසය

සමාරම්භක එක්දින ජාත්‍යන්තර තරඟය‍‍ 2001 මාර්තු මස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පවත්වන ලදී. 2003 වසරේදී ක්‍රීඩාංගන ආලෝකකරන පද්ධතිය සවිකරන ලදී.

ක්‍රීඩාංගනය

වියළි කලාපයේ පිහිටා ඇති බැවින් අවුරුද්ද පුරාම තරඟ පැවවැත්වීමේ හැකියාවක් පවතී.ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ ප්‍රතිපාදන යටතේ මෙම ක්‍රීඩාංගනය දින 167කින් සාදා නිමකරන ලදී. තණතිල්ල පන්දුයවන්නන්ට බෙහෙවින් හිතකර වන අතර, උදෑසන කාලයේ වැඩි පිණි ස්වභාවය වේගපන්දු යවන්නන්ට වාසිදායකය. සවස් කාලයේ පිටියේ වියළි ගතිය දඟ පන්දු යවන්නන්ට වාසිදායකය.

ක්‍රීඩාංගන දත්ත

එක්දින අන්තර්ජාතික තරඟ

  • එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය පකිස්තානය විසින් බංගලාදේශයට එරෙහිව 385/7 2010 ජුනි 21.
  • එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය 88,එංගලන්තය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව 2003 නොවෑම්බර් 18 සහ ඉන්දියාව විසින් නවසීලන්තයට එරෙහීව 2010 අගෝස්තු 10.
  • එක් ක්‍රීඩකයෙකු විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මහේල ජයවර්ධන විසින් මෙම ලකුණු 1076
  • ක්‍රීඩාංගනයේදී එක් ක්‍රීඩකයෙකු විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 124 සහිඩ් අෆ්‍රිඩි විසින් බංගලාදේශයට එරෙහිව 2009-2010 තරඟවාරයේදී.
  • ලබාගත් වැඩිම කඩුළු ‍ප්‍රමාණය මුත්තයියා මුරලිදරන් කඩුළු 42.
  • හොඳම පන්දු යැවීම මුත්තයියා මුරලිදරන් විසින් 5/23.

මේවාද බලන්න

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය පිළිබඳ තොරතුරු, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය යනු කුමක්ද? රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය යනු කුමක් දර්ශනය කරන්නේ?