රසදිය (ඉංග්‍රිසි : Mercury) යනු Hg යන සංකේතය සහ පරමාණුක ක්‍රමාංකය 80 සහිත රසායනික මූලද්‍රව්‍යයකි.
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මුහුණුවර | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| රිදීවන් ලෝහමය ද්‍රවයක් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ප්‍රධාන ගුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| නම, සංකේතය, ක්‍රමාංකය | Mercury, Hg, 80 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලද්‍රව්‍ය කාණ්ඩය | [[ආන්තරික ලෝහ]] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගොනුව | 12, 6, d | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 200.592 g·mol−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Xe] 4f14 5d10 6s2 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 18, 32, 18, 2 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ද්‍රව්‍යමය ගුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අවධිය | ද්‍රව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ද්‍රවාංකය | 63.15 K, −38.8290 °C | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| තාපාංකය | 356.73 °C | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| විලයන එන්තැල්පිය | 2.29 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වාෂ්පීභවන එන්තැල්පිය | 59.11 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වාෂ්ප පීඩනය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පරමාණුක ගුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඔක්සිකරණ අංකය | 2, 1, -2 (දුබලභාෂ්මික ඔක්සයිඩ) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| විද්‍යුත් ඍණතාව | 2.00 (පෝලිං පරිමාණයෙන්) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පරමාණුක අරය | 151 pm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ප්‍රකීර්ණක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ස්එටික ආකෘතිය | ෂඩාස්‍රාකාර | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| චුම්බකත්වය | ද්විචුම්භක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| තාප සන්නායකතාව | (300 K) 8.30 W·m−1·K−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ධ්වනි වේගය | (liquid, 20 °C) 1451.4 m/s | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| CAS ලේඛනගත අංකය | 7439-97-6 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විෂබව සහ නිරාපදාව
- මෙයද බලන්න: රසදිය වසවීම සහ රසදිය චක්‍රය
රසදිය සහ එහි බොහෝ සංයෝග අතිශයින් විස සහිත වන අතර පරිස්සමින් පරිහරණය කළ යුතුයි; රසදිය හා සම්බන්ධ ඉසිරීම් වලදී (සමහරක් උෂ්ණත්වමාන හෝ ප්‍රතිදීප්ත විදුලි බුබුළු වලින් වැනි), විශේෂිත පිරිසිදු කිරීමේ පටිපාටි භාවිතා කරන්නේ නිරාවරණය මගහැරීමට සහ ඉසිරීම සීමා කරගැනුමටය. නියමාවලීන් විසින් කියාසිටිනුයේ, දැඩි පෘස්ඨයන් මත වන්නාවූ කුඩා බිඳිති භෞතික වශයෙන් එක්කාසු කිරීමෙන්, ඇස් බිංදුකරයක් මගින් පහසුවෙන් ඉවත් කර ගත හැකි වන අයුරින්, එක් විශාල සංසදයක් බවට පත්කිරීම හෝ බැහැර දිය හැකි බඳුනකට සෙමෙන් තල්ලු කිරීම කළ යුතු බවයි. රික්ත ශෝධකයන් සහ කොසු විසින් රසදිය වඩාත් විශාල ලෙසින් විසිරණය කරන බැවින් ඒවා භාවිතා නොකල යුතුයි. ඉන් අනතුරුව, සිහින් සල්ෆර් (ගෙන්දගම්), සින්ක් (තුත්තනාගම්), හෝ සාමාන්‍ය උෂ්ණත්වයෙහිදී රසදිය සමග විගසින් සංරසයක් (මිශ්‍ර ලෝහයක්) සදන වෙනත් කුඩක් ප්‍රදේශය මත ඉස පසුව එය එක්කාසු කොට ඉවත දැමිය යුතු වෙයි. සවිවර පෘෂ්ඨ හෝ රෙදි හෝ පිරිසිදු කිරීමෙන් රසදිය සියළු අංශු මාත්‍ර ඉවත් කිරීම කළ නොහැක්කක් බැවින්, රසදිය ඉසිරීමකට ඒවැන්නක් ලක් වුවහොත් ඒවා බැහැර කළ යුතු බවට නිර්දේශ කෙරෙයි.
සම සහ ශ්ලේෂ්මල පටලය ඔස්සේ රසදිය අවශෝෂණය විය හැකි අතර රසදිය වාෂ්ප ආශ්වාස කළ හැකි බැවින් ඉසිරීම සහ වාෂ්පීභවනය වැලැක්වීමට රසදිය බඳුන් ආරක්ෂිතව වසා තැබිය යුතු වෙයි. රසදිය හෝ රත් කළ විට වියෝජනය විය හැකි එහි සංයෝග හෝ රත් කරන විට ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහිත ස්ථානයන්හී එය සිදුකෙරෙන්නේ රසදිය වාෂ්පයට නිරාවරණය වීම වැලැක්වීමටය. රසදියෙහි වඩාත් විෂ සහිත ආකාර වන්නේ, ඩයිමීතයිල්මර්කරි සහ මීතයිල්මර්කරි වැනි එහි කාබනික සංයෝග වෙති. සිනබාර් වැනි අකාබනික සංයෝගයන්ද අතිශයින් විෂ සහිත වන්නේ අධිග්‍රහණය හෝ ආශ්වාසය හෝ ඔස්සේය. රසදිය විසින් නිදන්ගත සහ උග්‍ර විෂවීම් ඇති කළ හැක.
පරිසරයෙහි රසදිය මුදාහැරීම්
පූර්ව-කාර්මීකකරන යුගයෙහිදී, වායුගෝලයෙන් රසදිය තැන්පත්වීමේ සීඝ්‍රතාවය 4 නැග්‍රෑ /(අයිස් තැන්පත්වීම 1 ලී) පමණ වන්නට ඇත. ස්වභාවික නිරාවරණ මට්ටම එපමණකැයි සැලකිය හැකි වුවද, ප්‍රාදේශීය හෝ ගෝලීය ප්‍රභව නිසා මෙම අගය වෙත සැලකිය යුතු බලපෑම් ඇති වෙයි. යමහල් විදාරණය නිසා වායුගෝලීය ප්‍රභවය 4–6 ගුණයකින් ඉහළ නැංවිය හැක.
යමහල් වැනි ස්වභාවික ප්‍රභව, වායුගෝලීය රසදිය විමෝචනයෙන් අඩකට පමණ හේතු වෙයි. . මිනිසුන්-විසින්-ජනිත ඉතිරි අඩ, පහත ඇස්තමේන්තුගත ප්‍රතිශත වලට බෙදා වෙන් කෙරෙයි:
- 65% ක් ස්ථාවර (ප්‍රවාහන-නොවන) දහන තුලින් වන අතර, මෙහි වැඩිම සමුච්චයකට වග කියන්නේ ගල් අඟුරු බලාගාර වෙති (1999 එ.ජ. රසදිය විමෝචනයන්ගෙන් 40% කි). රසදිය ඉවත් නොකල පෙට්‍රෝලියම් දහනය වෙතින් බලගැන්වෙන බලාගාරද මෙයට අඩංගුය. ගල් අඟුරු දහනය නිසා සිදුවන විමෝචනයන්, තෙල් දහනය නිසා වන විමෝචනයන්ට වඩා ගණිතමය අනුක්‍රමයන් එකක් හෝ දෙකක් හෝ වැඩිවන අතර, මෙම විචලනය රට මත යැපෙයි.
- 11% ක් රත්රන් නිෂ්පාදනයෙන්. රසදිය විමෝචනය සඳහා එ.ජ. හී ප්‍රධානතම ලක්ෂ්‍යාකාර ප්‍රභව වන්නේ විශාලතම රත්රන් ආකර තුන වෙයි. නැගෙනහිර කැනඩාවේ වායුගෝලීය රසදිය විමෝචනයෙන් සැලකිය යුතු ප්‍රභවයක් වන්නේ රන්-ආකර බොර තුලින් ජලභූරසායනික රසදිය නිකුතුවයි.
- 6.8% ක් නි-ෆෙරස් ලෝහ නිෂ්පාදනයෙන්, දර්ශීය වශයෙන් විරුවනයන් වෙතින්.
- 6.4% ක් සිමෙන්ති නිෂ්පාදනයෙන්.
- 3.0% ක් අපද්‍රව්‍ය අපහරණයෙන්, නගර සහ ආපදාකූල අපද්‍රව්‍ය, ආදාහනාගාර, සහ මල බොර හස්මීකරණයද මෙයට අඩංගු වෙයි.
- 3.0% ක් කෝස්ටික් සෝඩා නිෂ්පාදනයෙන්.
- 1.4% ක් අමු යකඩ සහ වානේ නිෂ්පාදනයෙන්.
- 1.1% ක් රසදිය නිෂ්පාදනයෙන්, ප්‍රධාන වශයෙන් බැටරි සඳහා.
- 2.0% ක් අනෙකුත් ප්‍රභවයන්ගෙන්.
ඉහත ප්‍රතිශතයන්, 2000 දී මිනිසුන්-විසින්-ජනිත ගෝලීය රසදිය විමෝචනයන්හී ඇස්තමේන්තු වන අතර, සමහර ප්‍රාදේශිකයන්හී වැදගත් ප්‍රභවයක් වන, ජෛව ස්කන්ධ එයට ඇතුලත් නොවේ.
ආශ්‍රිත
මූලාශ්‍ර
- "මර්කරි: ස්පිල්ස්, ඩිස්පෝසල් ඇන්ඩ් සයිට් ක්ලීන්අප්". පාරිසරීය ආරක්ෂණ කාර්යාංශය. සම්ප්‍රවේශය 2007-08-11.
- "සේෆ්ටි ඩේටා ෆෝ මර්කියුරික් සල්ෆයිඩ්". ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 2009-07-07.
- "ග්ලේෂල් අයිස් කෝර්ස් රිවීල් අ රෙකෝඩ් ඔෆ් නැචුරල් ඇන්ඩ් ඇන්ත්‍රොපොජිනික් ඇට්මොස්ෆරික් මර්කරි ඩිපොෂිසන් ෆො ද ලාස්ට් 270 ඉයර්ස්". එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය (USGS). සම්ප්‍රවේශය මැයි 1, 2007.
- පචිනා ඊ ජී, පචිනා ජේ එම්, ස්ටීන්හොයිසන් එෆ්, විල්සන් එස් (2006). "ග්ලෝබල් ඇන්ත්‍රොපොජනික් මර්කරි ඒමිෂන්ස් ඉන්වෙන්ටරි ෆො 2000". ඇට්මොස් එන්වයරන්. 40 (22): 4048. doi:10.1016/j.atmosenv.2006.03.041.
{{cite journal}}: CS1 maint: multiple names: authors list (link) - "වට් ඊස් ඊපීඒ ඩුයිං අබවුට් මර්කරි එයාර් එමිෂන්ස්?". එක්සත් ජනපද පාරිසරීය ආරක්ෂණ කාර්යාංශය (ඊපීඒ). සම්ප්‍රවේශය මැයි 1, 2007.
- සොල්නිට්, ආර්. (සැප්තැම්බර්/ඔක්තොම්බර් 2006). "විංග්ඩ් මර්කරි ඇන්ඩ් ද ගෝල්ඩන් කාෆ්". ඔරායන් මැගසින්. සම්ප්‍රවේශය 2007-12-03.
{{cite web}}: Check date values in:|date=(help) - මාප්රානි, අන්ටු සී.; ඒ, ටොම් ඒ.; මැක්කරී, කෙරි ටී.; ඩැල්සී, ජෝන් ඒ.; ෂෝ, සීන් ඒ.; යීට්ස්, පිලිප් ඒ. (2005). "ඩිටර්මිනේෂන් ඔෆ් මර්කරි ඉවේෂන් ඉන් අ කන්ටැමිනේටඩ් හෙඩ්වෝටර් ස්ට්‍රීම්". පාරිසරීය විද්‍යාව සහ තාක්ෂණය. 39 (6): 1679. doi:10.1021/es048962j.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රසදිය පිළිබඳ තොරතුරු, රසදිය යනු කුමක්ද? රසදිය යනු කුමක් දර්ශනය කරන්නේ?