රාජ් කපූර්

හින්දි සිනමාවේ නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වන රන්බිරාජ් කපූර්, "ෂෝ-මෑන්" (Show-man) යන අනවර්ථ නාමයෙන් හැඳින්විණි. රාජ් කපූර් ෆිල්ම්ෆෙයාර් සම්මාන 9 කට හිමිකම් කියයි. වසර 1951 දී තිරගත වූ "ආවාරා" සහ 1954 දී තිරගත වූ "බූට් පොලිෂ්" යන චිත්‍රපට "කාන්" සිනමා උළෙලේ "පල්ම් ඩි'ඔර්" වෙනුවෙන් නිර්දේශ විය.

මූලික අවධිය

ප්‍රවීන නළු ප්‍රිතිවිරාජ් හා රම්සාම් කපූර්ට දාව ඉන්දියාවේ පෙෂ්වර් හිදී උපත ලැබීය. ඔහු සය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවාය. ප්‍රසිද්ධ "කපූර්" පරම්පරාවෙන් පැවත එන රාජ්, ඩෙවන් බෂීශ්වර්නාත් කපූර් ගේ මුණුබුරා ද ඩෙවන් කෙෂාව්මල් කපූර් ගේ මීමුණුබුරා ද වෙයි. ෂශී කපූර් සහ ෂම්මි කපූර් මොහුගේ බාල සොහොයුරන් වෙයි. ඔහුගේ සොහොයුරිය උර්මිලා සියාල් නම් විය. මොහුට ළදරු අවදියේදී මියගිය සොහොයුරන් දෙදෙනෙක්ද සිටිති.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාජ් කපූර් පිළිබඳ තොරතුරු, රාජ් කපූර් යනු කුමක්ද? රාජ් කපූර් යනු කුමක් දර්ශනය කරන්නේ?