රාමගුප්ත

සමුද්‍රගුප්තගෙන් පසුව රාමගුප්ත නම් ඔහුගේ පුත්‍රයා රජවූ බවට මතයක් ඇත. එහි යම් යම් පරස්පරතා ඇතත් ඉන්දියාව තුළින් රාමගුප්ත නැමැත්තෙකුට අයත් ක්‍රි. ව. 4 වන සියවසට අයත් කාසි පවා හමුව ඇත. එසේම දේවී චන්ද්‍රගුප්තා නාට්‍යයේද රාමගුප්ත ගුප්ත රජෙකු පිළිබඳ විස්තර වෙයි. කෙසේ වෙතත් සමුද්‍රගුප්ත රජු ගෙන් පසු දෙවන චන්ද්‍රගුප්ත නොහොත් වික්‍රමාදිත්‍ය රජු රජවූ බව පිළිගැනේ.

රාමගුප්ත
නිශ්චිත නැත.
රාජ්‍ය සමයක්‍රි.ව. 380 පමණ
පූර්වප්‍රාප්තිකයාසමුද්‍රගුප්ත
අනුප්‍රාප්තිකයාචන්ද්‍රගුප්ත II
වල්ලභයාධ්‍රැව දේවිය
වංශයගුප්ත රාජවංශය
පියාසමුද්‍ර ගුප්ත

දේවී චන්ද්‍රගුප්තා නාට්‍යයේ එන පුවත

දේවී චන්ද්‍රගුප්තා නාට්‍යට අනුව, "සමුද්‍රගුප්ත රජුගෙන් පසු රාම ගුප්ත නම් රජු රජවෙයි. ඔහුගේ දේවිය ධ්‍රැව දේවිය විය. මේ කාලයේ ශක රජෙකුගේ ආක්‍රමණයක් ගුප්ත රාජ්‍යය වෙත එල්ල විය. එහිදී ශක රජු හා ගිවිසුමකට එළඹෙන රාමගුප්ත තම බිරිඳ වූ ධ්‍රැව දේවිය ශක රජුට දී රාජ්‍ය බේරා ගැනීමට ක්‍රියා කරයි. නමුත් රාමගුප්තගේ සොහොයුරා වූ චන්ද්‍රගුප්ත ධ්‍රැව දේවිය ලෙස වෙස්වලාගෙන ගොස් ශක රජු මරා දමයි. පසුව රාමගුප්තද මරා රාජ්‍යය ගෙන සොහොයුරාගේ බිරිඳ වූ ධ්‍රැව දේවිය සිය අඟමෙහෙසිය කර ගනී."

 කතාව මෙසේ වුවද සොහොයුරාගේ වැන්ඳඹු බිරිඳ විවාහ කර ගැනීමේ චාරිත්‍රයක් හින්දු සංස්කෘතිය තුළ නොමැති වීම නිසා මෙහි පරස්පර තාවයන් දැකිය හැක. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාමගුප්ත පිළිබඳ තොරතුරු, රාමගුප්ත යනු කුමක්ද? රාමගුප්ත යනු කුමක් දර්ශනය කරන්නේ?