රායි ආර්යාව

රායි ආර්යාව (ක්‍රි.පූ. 1570/1560 පමණ – 1530) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 18වන රාජවංශයේ විසූ පුරාතන ඊජිප්තු කාන්තායකි. ඇය අහ්මෝස්-නෙෆටාරි (ක්‍රි.පූ. 1562-1495) රැජිනගේ හෙදිය ලෙස සේවය කොට තිබේ. ඇගේ මමීකෘත දේහය සොයාගන්නා ලද්දේ 1881දී තීබානු සොහොන්ගැබකිනි. මියයන විට ඇය තිස්වන වයස් සීමාවේ පසුවන්නට ඇතැයි විශ්වාස කෙරේත

2009දී වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ CAT පරිලෝකනයකින් පෙනීගියේ රායි ආර්යාව මහා ධමනි වක්‍රයේ රෝගී තත්ත්වයකින් පෙළී ඇති බවයි. ඒ අනුව, ඇතරොස්ක්ලෙරෝසිස් රෝගය පිළිබඳ සාධක සහිත පැරණිතම හඳුනාගත් මමිය ලෙස මෙය සැලකේ.

අහ්මෝස්-නෙෆටාරිගේ නැන්දණිය වූ 17වන රාජවංශයේ විසූ කුමරියක මෙන්ම රැජිනක ද වන අහ්මෝස් ඉන්හාපිගේ මමිය හමුවූයේ රායි ආර්යාවගේ බාහිර මිනීපෙට්ටිය තුළ තිබී ය.

මූලාශ්‍ර

  1. "XVIII'ත් ඩයිනාස්ටි ගැලරි I". ද තීබන් රෝයල් මමී ප්‍රොජෙක්ට්. anubis4_2000.tripod.com. සම්ප්‍රවේශය 30 අප්‍රේල් 2013.
  2. ඇලම්, ඇඩෙල් එච්. (නොවැම්බර් 18, 2009). "කම්පියුටඩ් ටොමෝග්‍රැෆික් ඇසස්මන්ට් ඔෆ් ඇතරොස්ක්ලෙරෝසිස් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ටියන් මමීස්". JAMA: ඇමරිකානු වෛද්‍ය සංවිධානයේ ජර්නලය. 302 (19): 2091–2094. {{cite journal}}: Invalid |display-authors=ඇතුළු පිරිස (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රායි ආර්යාව පිළිබඳ තොරතුරු, රායි ආර්යාව යනු කුමක්ද? රායි ආර්යාව යනු කුමක් දර්ශනය කරන්නේ?