රාවණා ඇල්ල (බඹරගල ඇල්ල; ඉංග්‍රීසි: Ravana Falls) ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇල්ලක් වේ. එය දැනට රටේ පුළුල්ම දිය ඇල්ලක් ලෙස ශ්‍රේණිගත වේ.
| රාවණා ඇල්ල | |
|---|---|
| පිහිටීම | ඇල්ල, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 6°50′27″N 81°3′16″E / 6.84083°N 81.05444°E |
| වර්ගය | Cascade |
| උන්නතාංශය | 1,050 m (3,445 ft) |
| සමස්ථ උස | 25 m (82 ft) |
| ජල මූලාශ්‍රය | කිරිඳි ඔයට සම්බන්ධ අතුගංගාවක්. |
විස්තරය
මෙම දිය ඇල්ල ආසන්න වශයෙන් මීටර් 25 (අඩි 82) පමණ උසකින් යුක්ත වන අතර ඕවලාකාර හැඩැති අවතල පාෂාණ තලයකින් කඳුරැල්ලක් ගලා යයි. දේශීය තෙත් සමයේදී දිය ඇල්ල මැලවී යන පෙති සහිත පුවක් මලකට සමාන යැයි කියනු ලැබේ. නමුත් ජලය ගලායාම නාටකාකාර ලෙස අඩු වන වියළි කාලවලදී මෙය එසේ නොවේ. ඇල්ල රාවණා ඇල්ල වනජීවී අභයභූමියේ කොටසක් වන අතර, ඇල්ල ප්‍රාදේශීය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 6ක් (සැතපුම් 3.7) දුරින් පිහිටා ඇත.
ජනප්‍රවාද
රාවණා සම්බන්ධ මනඃකල්පිත ජනප්‍රවාද මෙම රාවණා ඇල්ල සමග බැඳී පවතී. එම ජනප්‍රවාද අනූව රාමා සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා විසින් සීතා පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බව පැවසෙයි. එසේම රාවණා විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බවද මිත්‍යා කථාවල පැවසෙයි.
රාවණා ඇල්ල ගුහාව
රාවණා ඇල්ල ගුහාව පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1,370 (අඩි 4,490) උසින් පිහිටි කඳු බෑවුමක පදනම මතය. මෙම ගුහාව බණ්ඩාරවෙල සිට කිලෝමීටර් 11 (සැතපුම් 7) දුරින් පිහිටි ජනප්‍රිය දේශීය සංචාරක ආකර්ෂණයකි. ගුහාව තුළ සිදු කරන ලද කැණීම්වලින් වසර 25,000 කට පෙර මානව වාසස්ථාන පිළිබඳ සාක්ෂි අනාවරණය විය.
මේවා ද බලන්න
මූලාශ්‍ර
- (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දියඇලි (1st ed.). කොළඹ: සූරිය ප්‍රකාශකයෝ. pp. 51–52. ISBN 955-8892-06-8.
{{cite book}}:|access-date=requires|url=(help) - Details @ SriLankanWaterfalls.netRetrieved June 2009 සංරක්ෂණය කළ පිටපත 2022-01-30 at the Wayback Machine
- "Ravana Ella - Ravana Ella Ancient Temple". Department of Archeology (Sri Lanka). 5 August 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 August 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාවණා ඇල්ල (බඹරගල ඇල්ල) පිළිබඳ තොරතුරු, රාවණා ඇල්ල (බඹරගල ඇල්ල) යනු කුමක්ද? රාවණා ඇල්ල (බඹරගල ඇල්ල) යනු කුමක් දර්ශනය කරන්නේ?