රැජිණ (චෙස්)

රැජිණ චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඇය ද්විතීයික ප්‍රධාන ම ඉත්තාවන අතර වැඩි ම බලතල හිමි ඉත්තා ද වේ.

ප්‍රධාන ලිපිය: චෙස් ක්‍රීඩාව

ආරම්භක අවස්ථාව

ආරම්භක අවස්ථාවේදී රැජිනගේ ස්ථානයන්

තරඟ ආරම්භයේදී රැජිණ පළමු පෙළ සිටී. එනම් d1 කොටුවේ ය. ප්‍රතිවාදියාගේ රැජිණ d8 කොටුවේ සිටී. සුදු පැහැති රැජිණ සුදු කොටුවකද කළු පැහැති රැජිණ කළු කොටුවකද වෙයි.

මෙම පිහිටීමේ විශේෂ අගයක් ඇත. සුදු පැහැති රැජිණ සැලකිල්ලට ගන්න. ඇයට a4 හරහා හෝ h5 ඔස්සේ එක එල්ලේ කළු පැහැති රජුට අභියෝග කල හැක් වීමයි. කළු පැහැති රැජිණට එසේම වේ. එමනිසා මෙම පිහිටීම වැදගත් පිහිටීමකි.

චෙස් ඉත්තන්
රජු
රැජිණ
මාළිගාව
දේවගැති
නයිට්වරයා
සොල්දාදුවා

රැජිණගේ ගමන් මාර්ගය

රැජිණට 8 දිසාවකට ගමන් කළ හැකි අතර යා හැකි දුර ප්‍රමාණය ඕනෑම කොටු ගණනකි. මෙසේ ගමන් කිරීමට අදාල කොටු හිස්ව තිබිය යුතු අතර මාර්ගය පැහැදිළිව තිබිය යුතුය. ඉත්තන්ට උඩින් පැන ගමන් කල නොහැකිය.

රැජිණගේ ගමන් මග queen
a b c d e f g h
8 8
7 7
6 6
5 5
4 4
3 3
2 2
1 1
a b c d e f g h

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රැජිණ (චෙස්) පිළිබඳ තොරතුරු, රැජිණ (චෙස්) යනු කුමක්ද? රැජිණ (චෙස්) යනු කුමක් දර්ශනය කරන්නේ?