රිදී විහාරය

රිදී විහාරය යනු, ශ්‍රී ලංකාවේ, රිදීගම ගම්මානයේ පිහිටි, ක්‍රිපූයු 2වන-සියවසෙහි ථේරවාද බෞද්ධ සිද්ධස්ථානයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම විහාරය පිහිටා ඇත. මහාවංශයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ "රජත ලෙන" යනුවෙනි. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජු රුවන්වැලි සෑය ඉදිකිරීමේදී රිදී ලැබුනේ මෙම ස්ථානයෙන් යැයි සඳහන් වේ. එබැවින් එය 'රිදී විහාරය' ලෙස හැඳින්වෙයි.

රිදී විහාරය
රිදී විහාරය සංකීර්ණයෙහි මහා විහාරය. රජත ලෙන පසුබිමෙහි දක්නට ලැබේ.
විස්තර
සංස්ථාපනයක්‍රිපූයු 2වන-සියවස
පිහිටුවීම
නිර්මාතෘ දුට්ඨගාමිණී රජ
භික්‍ෂූන් වහන්සේ(ලා)තිබ්බාබාටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල තෙරණුවෝ
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°33′N 80°29′E / 7.550°N 80.483°E / 7.550; 80.483
ද්වාරය:බුද්ධාගම

දැනට මෙහි දක්නට ඇති විහාර ආදිය මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සාදා ඇත. මෙහි වටිනා සුවිශේෂ අංගයක් නැතහොත් නිමැවුමක් වන්නේ ඇත් දළින් සකස් කරන ලද උළුවස්සයි. එහි මුදුන "පන්චනාරිඝටය" නම් කැටයමින් අලංකාර කර ඇත. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව දොළොස් රියනක් උස වේ. එහි මැද මකර තොරණකි.

දුටුගැමුණු රජතුමාගේ කාලයේ අනුරාධපුරයේ සිට මලය රටට තිබුණු ප්‍රධාන මාර්ගය වැටි තිබුනේ මෙම ස්ථානය අසළිනි. ජනප්‍රවාදයේ මෙම විහාරයට "වරකා වැළඳු විහාරය" යනුවෙන් ව්‍යවහාර වේ. මේ පිලිබඳව ඓතිහාසික ග්‍රන්ථවල ද සඳහන් වේ. චෛත්‍යය පිහිටා ඇත්තේ ගල මතය. ගලට පහළින් මහා විහාරයයි. මේ විහාරයේ දොරටුවලට අල්ලා ඇති යතුරු සිංහල රජ දවස යොදන ලද ඒවාය. උඩ විහාරයේ බිතු සිතුවම් දැකිය හැකිය. මෙම චිත්‍රවල සත්සතිය දක්වා ඇත.

ආශ්‍රිත

  1. පවෙල්, මයික් (11 මාර්තු 2012). "ද ස්ටෝනි ටෙම්පල්ස් රිදී විහාර ඇන්ඩ් අලුවිහාර". ද සන්ඩේ ලීඩර්. සම්ප්‍රවේශය 20 ජූලි 2012.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රිදී විහාරය පිළිබඳ තොරතුරු, රිදී විහාරය යනු කුමක්ද? රිදී විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?