රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව

රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව (TE) හෝ තාක්ෂණය කටයුතු කරනු ලබන්නේ තන්තු රෙදිපිළි හා ඇගලුම් ක්‍රියාවලි, නිෂ්පාදන හා යන්ත්‍ර සුත්‍රවල සියලුම අංග සැලසුම් කිරීමට හා පාලනයට යොදා ගන්නා විද්‍යාත්මක හා ඉංජිනේරුමය න්‍යායන්ගේ යෙදීම් සමගය. මෙයට ස්වාභාවික හා කෘත්‍රීම අමුද්‍රව්‍ය, අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර අතර අන්තර් ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව හා සෞඛ්‍ය, ශක්ති සංරක්ෂණය හා අපද්‍රව්‍ය හා දුෂණ පාලන ඇතුළත් වෙයි. මීට අමතරව රෙදිපිළි ඉංජිනේරු වරුන්ට කර්මාන්ත ශාලා සැලසුම් කිරීම, යන්ත්‍ර සුත්‍ර හා තෙත් ක්‍රියාවලි සැලසුම් කිරීමේ හා වැඩි දියුණු කිරීමේ හා රෙදිපිළි නිෂ්පාදන සැලසුම් කිරීමේ හා නිර්මාණය කිරීමේ පුහුණුව හා අත්දැකීම් ලබාදෙනු ලැබේ.

සාමාන්‍ය TE වැඩසටහනක ඇති පාඨමාලාවලට රෙදි පිළි ඉංජිනේරු පද්ධති, රෙදිපිළි ඉංජිනේරු සැලසුම්, තන්තුමය ව්‍යුහවල යාන්ත්‍ර විද්‍යාව රෙදිපිළි ඉංජිනේරුමය තත්ත්ව වැඩිදියුණු කිරීම, රෙදි පිළි තොරතුරු පද්ධති සැලසුම් කිරීම, බහුඅවයවික ඉංජිනේරු විද්‍යාව, බහු අවයවික ජෛව අමුද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, පටක හා රෝපණ අවශ්‍යතා යාන්ත්‍රණ විද්‍යාව, තන්තු ගොඩනැංවීමේ යාන්ත්‍රණ, රෙදිපිළි ඉංජිනේරු විද්‍යාවේ විශේෂ මාතෘකා, තන්ත්‍ර නිෂ්පාදන පද්ධති වල ගතිකය , රෙදිපිළි සංයෝග, කර්මාන්තමය රෙදිපිළි, වෛද්‍ය විද්‍යාවේ රෙදි පිළිවල යෙදීම්, ඉංජිනේරුමය ආර්ථික විද්‍යාව, රෙදිපිළි නිපදවීමේ හා තත්ත්ව පරීක්ෂා කිරීමේ යන්ත්‍රෝපකරණවල මූලික ඉලෙක්ට්‍රෝනික් විද්‍යාව, සායම් තැබීම මුද්‍රණය හා අනෙකුත් රෙදිපිළි වර්ණ ගැන්වීමේ ක්‍රම හා කර්මාන්තමය සැලසුම් කිරීම් හා සංවිධානය කිරීම් ඇතුළත් වෙයි. (මොයි විශ්ව විද්‍යාලය, 1991)

රෙදිපිලි ඉංජිනේරු විද්‍යාව විෂය මාලාව පුරාවටම ශිෂ්‍යයන් විසින් අනෙකුත් ඉංජිනේරුමය හා විෂය පන්තිවලින් පාඩම් ලබා ගැනීම් සිදු කරයි. ඒවාට යාන්ත්‍රික, රසායනික, ද්‍රව්‍යමය හා කර්මාන්තමය ඉංජිනේරු විෂය පථ ඇතුළත් වෙයි. TE විෂය මාලාව මගින් ශිෂ්‍යයන්ට රෙදිපිලි ඉංජිනේරු විද්‍යාවේ අඩිතාලමක් ලෙස මූලික ඉංජිනේරුමය පාඨමාලාවල පුළුල් පාදමක් සපයා දෙයි. ශිෂ්‍යයන් විසින් තාපගති විද්‍යාව, ද්‍රව්‍යමය විද්‍යාව, කර්මාන්තමය කළමනාකරණය, ව්‍යවහාරමය යන්ත්‍ර විද්‍යාව හා ඉංජිනේරුමය ඇදීම් හා සැලසුම්කරණය වැනි මූලික පාඨමාලාද ඉගෙන ගනියි.


රැකියා තත්ත්වය

රෙදිපිලි ඉංජිනේරු වරයෙක්, රෙදිපිළි අමුද්‍රව්‍ය (තන්තු , නූල්, රෙදි හා නිමැවුම්) සමග කටයුතු කරයි. බොහොමයක් රෙදිපිළි ඉංජිනේරුවරුන් නිෂ්පාදන පර්යේෂණ හා දියුණු කිරීම පිළිබඳව කටයුතු කිරීම සිදු කරනු ලබයි. එය ඔවුන් සිදු කරන්නේ දැනට පවතින රෙදිපිළි නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් හෝ නව නිෂ්පාදන නිර්මාණය කිරීමෙන් විය හැකිය. තවද ඔවුන් නව තන්තු, නූල්, රෙදි හෝ රෙදිපිළි නිමවුම් සදහා භාවිත සොයා ගැනීම සමග ද සම්බන්ධ විය හැකිය .

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ තොරතුරු, රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව යනු කුමක්ද? රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව යනු කුමක් දර්ශනය කරන්නේ?