පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු, (උපත: ජූනි 15, 1937 - විපත: ජනවාරි 8, 2022) හෙවත් රොබින් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ නළුවෙක් හා සටන් අධ්‍යක්ෂකවරයෙකි. සිංහල සිනමාවේ හොඳම සටන් අධ්‍යක්ෂකවරයකු ලෙස සැලකෙන ප්‍රනාන්දු 1965 වසරේ “චණ්ඩියා” චිත්‍රපටයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ප්‍රධාන චරිත රැසක් සමඟින් ප්‍රසිද්ධියට පත් විය.
රොබින් ප්‍රනාන්දු Robin Fernando | |
|---|---|
| උපත | පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු ජුනි 15, 1937 |
| මියගිය දිනය | January 8, 2022 (aged 84) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය |
| රැකියාව | නළුවා, සටන් අධ්‍යක්ෂකවරයා |
| සක්‍රීය වසර | 1964–2022 |
| කලත්‍රයා(යන්) | වයලට් ජයවීර (m. 1963) |
| දරුවන් | 1 |
| සම්මාන | හොඳම දුෂ්ටයා හොඳම සහය නළුවා |
පෞද්ගලික ජීවිතය
ප්‍රනාන්දු 1937 ජුනි 15 වැනිදා කොටහේනේදී පවුලේ තුන්වැනියා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා සිරිල් ඇන්තනි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර එම්.ඩී ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධාන ප්‍රධානියා ලෙස සේවය කළේය. ඔහුගේ මව වයලට් ඇන්තනි ගෘහණියක් විය. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ බාල සහෝදරියන් දෙදෙනෙකු සිටී.
ඔහු අධ්‍යාපනය සම්පූර්ණ කළේ දෙවන ලෝක සංග්‍රාමය සිදු වූ කාල පරිච්ඡේදයේදී කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයයෙනි. කරාටේ, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සඳහාද ඔහු ජාතික වර්ණ ලබා ගත්තේය. 1963 දී පාසලෙන් ඉවත් වූ පසු ඔහු කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවට ගියේය.
ප්‍රනාන්දු 1964 ඔක්තෝම්බර් 14 වන දින ඔහුගේ සහකරු වයලට් ජයවීර සමඟ විවාහ වූ අතර ඔවුන්ට චන්න නමින් එක් පුතෙක් සිටියහ. ඔහුට වයලට් මුණගැසුණේ 1962 දී ය. ප්‍රනාන්දු වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අතර 2021 ජනවාරි 8 වන දින වයස අවුරුදු 84 දී මිය ගියේය.
වෘත්තීය ජීවිතය
ඔහුව චිත්‍රපට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට හඳුන්වා දුන්නේ ආරියරත්න කහවිට විසිනි. ඔහුගේ ප්‍රථම රංගනය "හිඟන කොල්ල" හරහා, ප්‍රසිද්ධියට පත් නොවූ ස්ටන්ට්මෑන් ලෙසිනි. ආරියරත්න කහවිටගේ ‘‘චණ්ඩියා’’ චිත‍්‍රපටියට ඔහුව තෝරා ගත්තා. ප්‍රනාන්දුට අනුව ඔහුගේ ප්‍රථම සිනමා රංගනය “චණ්ඩියා” හරහා පැමිණි නමුත් එය තිරගත වූයේ 1964 දී ඔහුගේ දෙවැනි චිත්‍රපටය වූ “ධීවරයෝ” තිරගත වීමෙන් පසුව 1965 දීය. 1965 වසරේ "චණ්ඩියා" චිත්‍රපටයේ ඔහුගේ මංගල රංගනයේ සිට ඔහු සිංහල චිත්‍රපට 80 කට වැඩි ගණනක රඟපා ඇත. 1983 දී ප්‍රනාන්දු සිය ප්‍රථම චිත්‍රපටය වන "සුර දූතියෝ" අධ්‍යක්ෂණය කරන ලද අතර එය සත්‍ය සිදුවීම් පාදක කර ගත්තේය. ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය "නින්ජා ශ්‍රී ලංකා" හරහාය.
ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය එංගලන්තයේදී රූගත කළ ශ්‍රියානි අමරසේනගේ “ඉර බටු තරුව” හරහා සිදුවිය. රොබින් ප්‍රනාන්දුගේ අනෙකුත් රූපවාහිනී කතාමාලා අතර, චන්ද්‍රාමය, හැංගිමුත්තම්, පාරාදීසය සහ දාමිණී ඇතුළත් වේ.
රූපවාහිනී කතා මාලා
- බෝගල සවුන්දිරිස්
- බෝපත් සාක්කිය
- චන්ද්‍රාමය
- දාමිණී
- හැංගිමුත්තන්
- හිම රාත්‍රිය
- ඉර බටු තරුව
- පාරාදීසය
- පිංගල දනව්ව
- පුෂ්පරාග
- සමුද්‍ර චායා
- සංග්‍රාමය
- සැරිසර ලිහිණි
- සෙක්කු ගෙදර
- උරුමය සොයා
- වංශක්කාරයෝ
- වස්සානයේ හිරු ඇවිදින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රොබින් ප්‍රනාන්දු පිළිබඳ තොරතුරු, රොබින් ප්‍රනාන්දු යනු කුමක්ද? රොබින් ප්‍රනාන්දු යනු කුමක් දර්ශනය කරන්නේ?