ලංකාතිලක පිළිම ගෙය

ලංකාතිලක පිළිමගෙය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාණ බෞද්ධ විහාර මන්දිරයක් වේ. චූලවංශයට අනූව එය පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවන ලද්දක් සේ සැළකේ.

ලංකාතිලක විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
පිහිටීමපොළොන්නරුව
ද්වාරය:බුද්ධාගම

පිළිම ගෙය

ලංකාතිලකය පරාක්‍රමභාහු රජු විසින් ඉදිකරනු ලැබූ විහාර අතර විශාලතම ප්‍රථිමා ගෘහය ලෙස හැඳින්වේ. ගඩොලින් නිමවා ඇති එහි වහළ වෘත්තාකාර ස්වරූපයක් ගන්නා බැවින් ගෙඩිගේ සම්ප්‍රදායට අයත් යැයි විශ්වාස කෙරේ. ප්‍රථිමා ගෘහය ගර්භ ගෘහය, අන්තරාලය, හා මුඛ මණ්ඩපය ලෙස කොටස් තුනකින් සමන්විත වන අතර එහි වූ හිටි බුදු පිළිමය අඩි 42 ක් පමණ උසකින් යුක්ත වේ. බුද්ධ ප්‍රථිමාවෙහි අත් හා මුහුණ විනාශ වී තිබේ.

අඩි 40ක් උස හිටි බුදු පිළිමයක් වන ලංකාතිලක පිළිමගෙයි බුදුපිළිමය සමභංග ප්‍රතිමාවකි. ගඩොල් හා හුණු බදාම මාධ්‍යයෙන් ප්‍රචලිත වූ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව මනා උදාහරණයක් වන මෙම බුද්ධ ප්‍රතිමාව 1910දී "එච්.සී.පී බෙල්"ගේ වාර්තා වලට අනූව අඩි 41ක් උස විය. එකල මෙහි හිස කොටස කැඩී ගොස් නොතිබූ අතර නිර්මාණය සඳහා භාවිත කර ඇති ගඩොල් ප්‍රමාණයෙන් කුඩා ඒවා වේ. ඒ මත ස්තර ගණනාවක් යෙදූ බදාම තට්‍ටු ඇත. බදාම තට්‍ටු 10ක් ප්‍රතිමාව සඳහා යොදාගෙන ඇත. ඇස්, කට, නාසා, සවන් යන කොටස් තැනීමේදී හුණු බදාම ස්ථර වශයෙන් භාවිත කිරීම අවශ්‍ය වේ. ගඩොල් ආකෘතිය ශරීරයේ බාහිර දළ ආකෘතිය පමණක් දරා සිටී. මෙහි දෙඅත් කැඩී ගොස් තිබෙන අතර එහි දකුණතින් අභය මුද්‍රාවද, වමතින් සිවුරු පොටද දරා සිටීම නිරූපණය වන අයුරින් තනා තිබෙන්නට ඇතැයි විශ්වාස කල හැකිය. බුද්ධ ප්‍රතිමාව අඩි 4ක් උස ගඩොල් පද්ම පීඨයක් මත වැඩ හිඳී. හුණු බදාමයෙන් කළ මෙය වර්ණ ගන්වා තිබී ඇත. මූර්ති ශිල්පියා බුදුන් වහන්සේගේ සිවුර අවසන් වන ස්ථානයට පහළින් කුඩා සිංහ රුවක් නිර්මාණය කර ඇත. සිවුරු පොටේ බර දරා සිටින අධාරකයක් ලෙස මෙය තනා ඇත. ප්‍රතිමාවේ කලාත්මක ලක්ෂණයන්ට හානියක් නොවන අන්දමට මෙය නිර්මාණය කර ඇති ආකරය විස්මය දනවන සුළුය. බුද්ධ ප්‍රතිමා හා ගෘහ නිර්මාණ ආකෘතිය ඉතා හොඳින් එකිනෙක හා සම්බන්ධවන ලෙස ගලපා තිබේ. එහි පිය ගැට පෙළ තවමත් දක්නට ලැබෙන අතර ඉහලට යන්නෙකුට යායුතුව ඇත්තේ පිලිමයට පි‍ටුනොපා ශරීරය හරස් අතට තබාගෙනය. එය මෙහි පවතින්නාවූ තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස සඳහන් කල හැකිය.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "පොළොන්නරුවේ ලංකාතිලකය". බුදුසරණ. 26 ජූලි 2014. සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලංකාතිලක පිළිම ගෙය පිළිබඳ තොරතුරු, ලංකාතිලක පිළිම ගෙය යනු කුමක්ද? ලංකාතිලක පිළිම ගෙය යනු කුමක් දර්ශනය කරන්නේ?