ලංකාරාමය යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුර පැරණි රාජධානිය තුල, වළගම්බා රජු විසින් ඉදිකරවන ලද ස්ථූපයක් සහිත පූජා භූමියකි.
ලංකාරාම දාගැබ
වර්ථමානයේ ලංකාරාම ස්තූපය ලෙස හඳුන්වන්නේ, වළගම්භා රජු විසින් කරවූ සිලාසොබ්භකණ්ඩක චේතිය වෙයි. මෙම ස්තූපයෙහි මුල් ස්වරූපය පිළිබඳ පැහැදිලි විස්තරයක් නොමැති අතර, වර්ථමානයේ දැක ගැනීමට තිබෙන්නේ පසු කාලීනව ප්‍රතිසංස්කරණයන්ට ලක්වූ ස්තූපයයි.
ස්තූපය ඉදිකොට තිබෙන්නේ පිහිටි පොළවට වඩා අඩි 10 ක් පමණ උස්ව තනන ලද වෘත්තාකාර වේදිකාවක් මතයි. අතීතයේදී ස්තූපය වට කරමින් නිර්මාණය කර තිබූ ථූපඝරයේ කුළුණු, වර්ථමානයේ පවා ඒ මත දැකගත හැකිවේ. ස්තූපය වටා බුදු පිළිම තැම්පත් කර තිබූ බවටද සාධක පවතී.
ස්තූපයෙහි සමස්ථ විෂ්කම්භය අඩි 45 ක් (මීටර 14) පමණ වන අතර, ස්තූපය තනා තිබෙන උස් වෘත්තාකාර වේදිකාවෙහි (ඇතුල් මළුව) විශ්කම්භය අඩි 132 ක් පමණ වෙයි. ඇතුල් මළුවට පිවිසීම සඳහා දොරටු හතරක් පවතී. මුල් යුගයේදී ස්තූපය සතුව පහත මළුවක්ද පැවැති බව කියැවෙයි.
අභයගිරි විහාරයේ භික්ෂුණී ආරාමය මෙයයි. written by Sithum Sathtsara
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලංකාරාමය පිළිබඳ තොරතුරු, ලංකාරාමය යනු කුමක්ද? ලංකාරාමය යනු කුමක් දර්ශනය කරන්නේ?