ලයිසොසෝම

ලයිසොසෝම යනු, ජීර්ණ එන්සයිම අඩංගු සෛල ප්ලාස්ම පටලයේ පවතින පටලයකින් වටවූ තද පැහැති කුඩා ගෝලාකාර දේහ වේ. මේවා ගොල්ජිදේහ මගින් හටගැනේ.

සෙෙල ජීවවිද්‍යාව
සත්ව සෙෙලය

ව්‍යුහය

ඒකක පටලයකින් වටවී ඇත. සෛල ප්ලාස්ම පූරකයේ තද, රවුම් දේහ වේ. ප්‍රෝටියේස්, පෙජටයිඩේස, කාබොහයිඩ්‍රේස්, ලයිපේස්, නියුක්ලියේස්, පොස්පටේස, එස්ටරේස් ආදී ජීර්ණ එන්සයිම පිරී ඇත. රළු අන්ත:ප්ලාස්මීය ජාලිකාවල ඇති රයිබොසෝමවල නිපැයෙන එන්සයිම ගොල්ජි මඩිවලට ඇතුළුවී ක්‍රමයෙන් සාන්ද්‍ර තත්‍වයට පත්වී ගොල්ගි ආශයිකා ලෙස වෙන්වේ. එම ආශයිකා ලයිසොසෝම බවට පත්වේ.

කෘත්‍ය

  1. ජීර්ණ එන්සයිම ගබඩා කිරීම.
  2. බහිස්සෛලීය ජීර්ණය
  3. අන්ත:සෛලීය ජීර්ණය
  4. භක්‍ෂණය
  5. ස්වයං භක්‍ෂණය
  6. ස්වයං ජීර්ණය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලයිසොසෝම පිළිබඳ තොරතුරු, ලයිසොසෝම යනු කුමක්ද? ලයිසොසෝම යනු කුමක් දර්ශනය කරන්නේ?