ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) යනු සාමාජික රටවල් 191 කින් සමන්විත අන්තර්ආණ්ඩුමය සංවිධානයකි. එය 1873 වසරේ ආරම්භ කරන ලද ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයෙන් (IMO) බිහිවිය.
WMO ධජය | |
| පිහිටුවන ලද්දේ | 1950 |
|---|---|
| වර්ගය | UN ඒජන්සිය |
| නෛතික තත්ත්වය | සක්‍රීය |
| මූලස්ථානය | ජිනීවා, ස්විට්සර්ලන්තය |
| වෙබ් අඩවිය | wmo.int |
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 1950 වර්ෂයේ පිහිටුවීමෙන් අනතුරුව, එය එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා (කාලගුණය හා දේශගුණය), ක්‍රියාකාරීත්ව ජල විද්‍යා සහ භූ භෞතික විද්‍යා සම්බන්ධ විශේෂඥ ඒජන්සියක් බවට පත්විය.
සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා හී පිහිටුවා තිබේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන කණ්ඩයේ සාමාජිකයෙකුද වෙයි.
ආශ්‍රිත
- https://public.wmo.int/en/about-us/secretariat
- https://public.wmo.int/en/about-us/governance
- "UNDG මෙම්බර්ස්". යුනයිටඩ් නේෂන්ස් ඩිවලොප්මන්ට් ග්රූප්. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2013.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පිළිබඳ තොරතුරු, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය යනු කුමක්ද? ලෝක කාලගුණ විද්‍යා සංවිධානය යනු කුමක් දර්ශනය කරන්නේ?