කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිලි අතුරින් එකක් වේ. බිම් මට්ටමේ සිට උස 152 m (499 ft)ක් වන ගොඩනැගිලි ද්විත්වය දකුණු ආසියාව තුල ඉදි කෙරූ උසම ගොඩනැගිලි අතරටද අයත් වෙයි. කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය Overseas Realty Ceylon plc (ORCPLC) කළමනාකාරීත්වය යටතේ පවතී. ORCPLC යනු Mireka Capital Land (pvt) Ltd හි කොටසක් වන අතර, එය ආසියාව තුල දැවැන්ත ඉදි කිරීම් සමාගමක් වෙයි.
| ලෝක වෙළඳ මධ්‍යස්ථානය World Trade Center | |
|---|---|
| உலக வர்த்தக மையம் | |
| සාමාන්‍ය තොරතුරු | |
| පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 06°55′57″N 79°50′38″E / 6.93250°N 79.84389°E |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 1990 |
| සමාප්තිය | 1996 |
| විවෘත කිරීම | 12 ඔක්තෝබර් 1997 |
| පිරිවැය | එ.ජ.$ මිලියන 130 (1996) |
| කළමනාකරණය | ORCPLC |
| උස | |
| පියස්ස | 152 m (499 ft) |
| තාක්ෂණික තොරතුරු | |
| මහල් සංඛ්‍යාව | 43 |
| මහල් වර්ගඵලය | 750,000 sq ft (70,000 m2) |
ඉතිහාසය
ලෝක වෙළෙද මධ්‍යස්ථානය 1997 ඔක්තෝම්බර් 12 වැනි දින ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් විවෘත කරන ලදී. මහල් 39 බැගින් වූ නැගෙනහිර හා බටහිර කුළුණු දෙකකින් කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය සමන්විත වේ.
ශ්‍රී ලංකා සිවිල් යුද්ධය පැවැති කාලයේ, LTTE ත්‍රස්තවාදීන් විසින් ඇමෙරිකානු 9-11 ප්‍රහාරය අනූව යමින් කුළුණු වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කලත් එම ප්‍රහාරක ගුවන් යානය කඩා වැටීම නිසා සැලසුම අසාර්ථක විය .
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම්
- 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය
බාහිර සබැදි
- නිල වෙබ් අඩවිය
- WTCC at Emporis.com
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (කොළඹ) පිළිබඳ තොරතුරු, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (කොළඹ) යනු කුමක්ද? ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (කොළඹ) යනු කුමක් දර්ශනය කරන්නේ?