වකුගඩු

වකුගඩු (සංස්කෘත: වෘක්ක, ඉංග්‍රීසි:  Kidney) යනු, සියළු පෘෂ්ඨවංශීන්ගේ සහ සමහර අපෘෂ්ඨවංශීන්ගේ ඇති අත්‍යශාවශ්‍ය නියාමන ඉන්ද්‍රියකි. මෙය වෘක්කාණු රැසක එකතුවෙන් සැදුම්ලත් ව්‍යුහයකි. බෝංචි බීජ හැඩැති ය.

වකුගඩු
සුෂුම්නාව ඉවත්කොට වෘක්කවල පසුපස පෙනුම
තොරතුරු
ලතින්Ren (Greek: nephros)
පද්ධතියබහිස්‍රාවී පද්ධතිය සහ අන්තරාසර්ගී පද්ධතිය
ධමනිය
වෘක්කීය ධමනි
ශිරාව
වෘක්කීය ශිරා
ස්නායුව
Renal plexus
හඳුන්වනයන්
MeSHA05.810.453
Dorlands
/Elsevier
Kidney
TAA08.1.01.001
FMA7203
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

පිහිටීම

මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර. වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය මඳක් පහලින් වන පරිදි පිහිටා ඇත. මීට හේතුව වන්නේ අක්මාවට ඉඩ සැලසීමටය.

ප්‍රධාන කෘත්‍ය

  • අක්මාවේ නිපදවන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍යය වන යූරියා, යුරික් අම්ලය, ක්‍රියටිනයින් දේහයෙන් බැහැර කරවීම. (මුත්‍ර නිපදවීම.)
  • රුධිර පීඩනය පාලනය (රෙනින් හෝර්මෝනය ස්‍රාවයෙන්)
  • රුධිරයේ නියත ආස්‍රැති පීඩනයක් පවත්වා ගැනීම.
  • සිරුරේ විවිධ අයන වර්ග යාමනය. (Na+, Ca2+…)
  • රුධිර pH අගය පාලනය.
  • රුධිර පරිමාව පාලනය.

ව්‍යුහය

බාහිකය (පිටත), මජ්ජාව(ඇතුලත) ලෙස දෙකොටසකි.

සබැඳි ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වකුගඩු පිළිබඳ තොරතුරු, වකුගඩු යනු කුමක්ද? වකුගඩු යනු කුමක් දර්ශනය කරන්නේ?