ශ්‍රී ලංකාවේ සමහර ස්ථූපයන්හී, ස්ථූපය වටා උස මට්ටම් කිහිපයකට යෙදෙන පරිදි වක්‍රාකාරව සිටවූ ගල් කණු මත දැව වහළයක් තැනීමෙන් වටදාගෙය නිර්මාණය කොට තිබේ. ස්ථූපයේ සහ එය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය පිණිස එය ඉදි කොට තිබේ.ථූපඝරය, දාගෙය, චේතියඝරය, චේතිය ගෘහ හා සෑ ගෙය යන නම්වලින්ද හඳුන්වනු ලබන වටදාගෙය, මෙරට බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් එක් විශේෂිත නිර්මාණයක් සේ සැළකේ.
වර්ථමානයේ ථූපාරාමය, ලංකාරාමය, මැදිරිගිරිය, තිරියාය රාජාංගනය,මිහින්තලය අම්බස්තල, අත්තනගල්ල හා පොළොන්නරුව යන ස්ථානයන්හී වටදාගෙවල් දැකගත හැකිවේ.
මූලාශ්‍ර
- "මහින්දාගමනයෙන් අප ලද විශිෂ්ට කලා දායාද". සිළුමිණ. 23 ජූනි 2013. සම්ප්‍රවේශය 2 ජනවාරි 2016.
වටදාගෙවල් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වටදාගෙය පිළිබඳ තොරතුරු, වටදාගෙය යනු කුමක්ද? වටදාගෙය යනු කුමක් දර්ශනය කරන්නේ?