වසභ රජු යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයෙහි රජ කෙනෙකි. වී ගොවිතැනට උපකාර වනු වස් මහා පරිමාණයේ ජලාපවහන කර්මාන්ත ගොඩනැගීමෙහි පුරෝගාමියෙකු ලෙසින් එතුමා සැලකෙයි. එතුමාගේ පාලන සමයෙහිදී වැව් 11 ක් සහ ඇළ 12 ක් තනන ලදි. එකල පැවති ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, එතුමා බොහෝ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමද සිදු කලේය. එවකට අනුරාධපුර පාලකයාව සිටි සුභරාජ රජ මරා සිහසුන පැහැර ගත් වසභ රජු, ශ්‍රී ලාංකික රජවරුන්ගේ ඉතිහාසයෙහි නව රාජ වංශයක් ඇරඹීය.මෙතුමා වල්ලිපුරම් රන් සන්නස පිහිටුවිිය. ඉසිගිරි ඇමති යොදවා යාපනය පාලනය කර ඇත. දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නයේ ඇති වූ ආහාර හිඟයක් හේතුවෙන් මෙරට නිපදවන ධාන්‍ය සදහා විශාල ඉල්ලුමක් ඇතිවීම නිසා එතුමා මෙරට එම තත්ත්වය ඇතිවීම වැළැක්වීමට විශාල වැව් ඉදි කරන ලදී.
| වසභ රජ | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
| රාජ්ය සමය | ක්‍රිව 67–111 |
| පූර්වප්‍රාප්තිකයා | සුභරජ රජ |
| අනුප්‍රාප්තිකයා | වංකනාසික තිස්ස රජ |
| මරණය | ක්‍රිව 111 |
| භාර්යාව |
|
මුල් දිවිය සහ රාජ්‍යත්වය
ලම්භකර්ණ නම් ගෝත්‍රයකට අයත් පවුලකට උපන් වසභ, ඔහුගේ ළමා විය රටෙහි උතුරු පළාතේ ගත කළේය., රජුගේ හමුදාවෙහි සේනාධිපතියෙකු වූ ඔහුගේ මාමාට සේවය කරමිනි. එකල රටෙහි පාලකයා වූයේ සුභරාජ රජ වූ අතර, ශාස්ත්‍රකාරයන් විසින් ඔහු හට පවසා තිබුනේ, වසභ නමැත්තෙක් විසින් ඔහු පරාජය කොට රජ වන බවයි. මෙය වැලැක්වීමට, සුභරාජ රජ නියෝග කලේ, එම නම දරන සියළු රට වැසියන් මරා දමන ලෙසටයි. වසභගේ මාමා විසින් ඔහු රජු වෙත ගෙන යෑමට තැත්කලේ රජුගේ සේවයට ඔහු බඳවා ගැනුමට යන මුවාවෙනි. කෙසේවෙතත්, රජුගේ අදහස පිළිබඳ ඔහු දැනුවත් කල මාමාගේ බිරිය වූ මෙත්තා විසින් සිදු වෙන්නට ගිය ජීවිත හානියෙන් ඔහු මුදවා ගත්තාය. සැඟව පලා ගිය ඔහු, රහසේ හමුදාවක් රැස් කර ගති.තම දිවි ගලවා ගත් මෙත්තා නම් සිය නැන්දනිය විවාහ කර ගත් මෙම රජුට අයත් සෙල්ලිපි උතුරේ යාපන අර්ධද්වීපයෙන්ද,දකුණේ සිතුල්පව්වෙන්,නැගෙනහිර මඩකළපුචෙන්ද,බටහිර කුරුණෑගල දිස්තික්කයෙන්ද ලැබී ඇති හෙයින් මෙම රජතුමාගේ බලය මුලු දිවයින පුරා පැතිර තිබූ බව කියයි. පුරා අවුරුදු 44ක් වූ සිය රාජ්ය කාලයේදී හෙතෙම වෙහෙර, විහාර වැව්, අමුණු ආදිය කරවූවේය. වසභ රජුගෙන් ඇරඹි ලම්බකර්ණ රාජ්යවන්ශය පුරා අවුරැදු 370ක් දිවයින පාලනය රනු දක්නට ලැබේ. මෙතුමා කරවූ වැව් අතර මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න, ඇලහැර වැවද වේ.
අත්‍යන්තයෙහිදී හමුදාවක් රැස් කර ගත් පසු, රජුට විරුද්ධ කැරැල්ලකට වසභ නායකත්වය සපයමින්, ඉන්පසු ක්‍රිව 67 දී සුභරාජ රජු සහ ඔහුගේ මාමා මරා සිහසුන ඩැහැ ගති. ක්‍රි.ව 111 දී ඔහුගේ මරණය වන තුරුම හේ වසර 44 ක් රාජ්‍යය පාලන කලේය. ඔහුගේ සිංහාසනාරූඪ වීම හා සමගම, ඔහුගේ ගෝත්‍ර නාමය අනුව යමින්, පළමු ලම්භකර්ණ රාජ වංශය නමැති පාලන රාජ වංශයක ආරම්භය ඇති විය.
ආශ්‍රිත
- විජේසූරිය, එස්. (2006). අ කන්සයිස් සිංහල මහාවංශ. සහභාගිත්ව සංවර්ධන පර්ෂදය. p. 81. ISBN 955-9140-31-0.
- නිකොලස්, සී. ඩබ්. (1961). අ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් සිලෝන්. කොළඹ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 77.
{{cite book}}: Unknown parameter|coauthors=ignored (|author=suggested) (help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වසභ රජ පිළිබඳ තොරතුරු, වසභ රජ යනු කුමක්ද? වසභ රජ යනු කුමක් දර්ශනය කරන්නේ?