වැලිවේරිය බෝම්බ ප්‍රහාරය

7°02′00″N 80°01′00″E / 7.0333°N 80.0167°E / 7.0333; 80.0167

2008 වැලිවේරිය බෝම්බය
ස්ථානයවැලිවේරිය, ශ්‍රී ලංකාව
දිනයක්‍රි.ව. 2008 අප්‍රියෙල් 6 (UTC+5:30)
ප්‍රහාර මාදිලියබෝම්බ ප්‍රහාරය
මරණ15
තුවාලකරුවන්90
සැකකෙරෙන අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි

වැලිවේරිය බෝම්බ ප්‍රහාරය යනු ක්‍රි.ව. 2008 වසරේ අප්‍රියෙල් 6 වන දින, දෙමළ කොටි ත්‍රස්තවාදියෙකු විසින් ශ්‍රී ලංකාවේ, වැලිවේරිය තුල පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. එම වසරේ සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් වැලිවේරියේ සංවිධානය කල අළුත් අවුරුදු මැරතන් තරඟයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කල අවස්ථාවේදී, පුපුරුවා හරිනු ලැබූ මෙම බෝම්බයෙන් පුද්ගලයෝ 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. මිය ගිය අය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න සහ හමුදා නිලදාරී කර්නල් උදයධීර යන අය වූහ. ප්‍රහාරයෙන් තවත් 90 දෙනෙක් පමණ තුවාල ලැබූහ. ශ්‍රී ලංකා රජය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් දෙමළ කොටි සංවිධානයට චෝදනා එල්ල කරන ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. Blast kills Sri Lankan minister, BBC
  2. Sri Lankan MP among 10 killed in blast, CNN
  3. Suicide blast kills Sri Lankan minister, CNN
  4. Jeryaraj killed in Gampaha blast, http://lankadissent.com/allnews/2008_04_06_04_news.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-09 
  5. Colonel Udayadeera lays his life in the Suicide attack සංරක්ෂණය කළ පිටපත 2008-04-11 at the Wayback Machine Ministry of Defence

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වැලිවේරිය බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු, වැලිවේරිය බෝම්බ ප්‍රහාරය යනු කුමක්ද? වැලිවේරිය බෝම්බ ප්‍රහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?