විජයබා කොල්ලය යනු 1521 දී සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර එහිදී කෝට්ටේ රජුගේ (සයවන විජයබාහු රජ) පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා දමා රාජධානිය තමන් අතරෙහි බෙදා ගත්හ.
සත්වන විජයබාහු රජ හට ඔහුගේ පළමු විවාහයෙන් (කීරවැල්ලේ බිසව) පුතුන් තිදෙනෙකු වූ අතර ඔවුහූ බුවනෙකබාහු (පසුව කෝට්ටේ සත්වන බුවනෙකබාහු රජ ), පරරාජසිංහ (පසුව රයිගම් බණ්ඩාර) සහ මායාදුන්නේ (පසුව සීතාවක මායාදුන්නේ රජ) නම් වූහ. රජු දෙවන වරට විවාහ වූ බිසව හට, දේවරාජ නම් පුතකු විය. ඔහුගේ දෙවන බිසවගේ ඉල්ලීම ප්‍රකාර, ඔටුන්න හිමි කුමරු බවට දේවරාජ නම් කෙරුමට පිය රජු විසින් තීරණය කර ඇති බව දැනගත් කුමරුවන් රජුට එරෙහි වූහ. කුලියට ගත් විදේශිකයෙකු ලවා රජු මාලිගාව තුලදීම ඝාතනය කරවන ලදි. මෙම සිදුවීම හැඳින්වෙන්නේ විජයබා කොල්ලය යනුවෙනි.
පසුබිම
1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය තුන් කොටසකට බෙදිණි. කුමරුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද සම්පූර්ණ සිද්ධියේ නියමුවා වූයේ මොහුය. කෝට්ටේ රජු බවට පත් වීමට මායාදුන්නේ සිහින මැවූ අතර සත්වන බුවනෙකබාහු මුල සිටම මොහු ගැන සැක කරමින් පෘතුගීසින්ගේ උදව් පැතීය. එබැවින් මෙම සිද්ධිය නිසාවෙන් අභ්‍යන්තර ආරවුල් සහ ශ්‍රී ලාංකික රාජධානියන්හී කටයුතු වලට අත පෙවීමට පෘතුගීසින්ට ඉඩ සැලසුණි.
මෙයද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජයබා කොල්ලය පිළිබඳ තොරතුරු, විජයබා කොල්ලය යනු කුමක්ද? විජයබා කොල්ලය යනු කුමක් දර්ශනය කරන්නේ?