විදානේ ආරච්චි යනු යටත් විජිත සමයේදී ලංකාවේ(ශ්‍රී ලංකාව) ස්වදේශික ප්‍රධානීන් ක්රමයේ (විදානේවරයෙකුට ඉහළින් නමුත් මුහන්දිරම්වරයෙකුට වඩා පහළින්) තිබූ බලගතු තනතුරකි.
දිසාපතිවරයා විසින් පත් කරන ලද මෙම තනතුර දරන්නාට ප්‍රදේශයේ ජනතාව කෙරෙහි වැඩි පාලනයක් තිබූ අතර සාමය පවත්වා ගැනීම, ආදායම් හා බදු එකතු කිරීම සහ අධිකරණ කටයුතුවලට සහාය වීම සඳහා ඔහු වගකිව යුතු බැවින් අර්ධ අධිකරණ බලතල හිමිවිය.
සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂපාතී ධනවත් බලගතු පවුල්වලින් පැමිණි ප්‍රදේශවාසීන්ට කරන ලද මෙම පත්වීම් මාරු කළ නොහැකි වුනු අතර සාමාන්‍යයෙන් පාරම්පරිකව ලැබුනි.
මූලාශ්‍ර
- සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව විදානේ, විදානේ ආරච්චි සහ විදානේ මුහන්දිරම් යන අර්ථ දැක්වීම
- ලංකාවේ විසිවන සියවසේ දත්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විදානේ ආරච්චි පිළිබඳ තොරතුරු, විදානේ ආරච්චි යනු කුමක්ද? විදානේ ආරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?