විදුර වික්‍රමනායක

විදුර වික්‍රමනායක, (දෙමළ: விதுர விக்கிரமநாயக்க, ඉංග්‍රීසි: Vidura Wickremanayake; උපත 11 ජූලි 1959) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2010 සිට 2024 දක්වා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහු හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත්‍රයාය.

විදුර වික්‍රමනායක
Vidura Wickremanayake
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
2022 මැයි 20 – 2024 සැප්තැම්බර් 23
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාවිජිත හේරත්
කම්කරු අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
අනුප්‍රාප්තිකයාමනූෂ නානායක්කාර
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපත11 ජූලි 1959 (1959-07-11) (වයස 66)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
සබඳතාරත්නසිරි වික්‍රමනායක (පියා)

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

විදුර වික්‍රමනායක මහතා රත්නසිරි වික්‍රමනායක මහතාට සහ කුසුම් වික්‍රමනායක මහත්මියට දාව 1959 ජූලි 11 වැනිදා උපත ලැබීය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු පිලිපීනයේ විශ්වවිද්‍යාලයකින් කෘෂිකර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් අයෙකි.

දේශපාලන ජීවිතය

ඒ මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස පත් කරනු ලැබුවා.ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණය මනාප ඡන්ද 147,958 ක් ලබා කළුතර දිස්ත්‍රික්කයෙන් නැවත තේරී පත් වූ අතර ජාතික උරුමයන්, ග්‍රාමීය කලා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.2022 ශ්‍රී ලංකාවේ විරෝධතා ඉක්බිතිව ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ ඉල්ලා අස්වීමෙන් පසුව, ඔහු 2022 අප්‍රේල් 18 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කම්කරු අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එමගින් මුළු රජයම ඉල්ලා අස්වීමෙන් පසු ඔහු ධූරයෙන් ඉවත් විය. ඔහු 2022 මැයි 20 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය තනතුරට පත් කරන ලදී.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  1. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  2. "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  3. "ෆැමලි ජිව්ල්ස් ඔන් පැරේඩ් ඉන් නිව් පාර්ලිමෙන්ට්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව) (ඉංග්‍රීසි බසින්). 23 August 2015.
  4. සමන්, පතිරගේ (7 අගෝස්තු 2020). "2020 GE: Kalutara District preferential votes". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-07.
  5. ක්‍රිෂ්ණසායි, සී. "රජය නෙරපා හැරීමේ ඉල්ලීම් මධ්‍යයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු පත් කරයි". වයියොන් නිව්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 18 April 2022.
  6. "නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරයි". Ada Derana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය April 18, 2022.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විදුර වික්‍රමනායක පිළිබඳ තොරතුරු, විදුර වික්‍රමනායක යනු කුමක්ද? විදුර වික්‍රමනායක යනු කුමක් දර්ශනය කරන්නේ?