විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව

විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක් යනු, තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තු පටිපාටිය භාවිතා කරන ස‍ාමාජිකයන්ගෙන් සමන්විත සංවිධානයකි. 1774 වසරෙහිදී, බ්‍රිස්ටල් ඡන්ද කොට්ඨාශය අමතමින්, එඩ්මන්ඩ් බර්ක් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හැඳින්වූයේ "විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්" ලෙසින් වන අතර, පොදු ක්‍රියාවන් සාකච්ඡා කොට නිශ්චය කරගැනුමට රැස්වන පුද්ගල සමූහයක් සඳහා යෙදෙන මූලික පදයක් ලෙසින් මෙම ප්‍රකාශය යෙදීම ඇරඹිණි.

අභිනවයෙන් සංශෝධිත රොබට්ගේ විධාන රීති වෙතින්, විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක යම් ගුණාංග ගෙන හැර දක්වන අතර, ඒවා අතර, සෑම සාමාජිකයෙකුටම සමාන ඡන්ද අයිතියක් තිබීම සහ සමස්ත සමූහය වෙනුවෙන් ගත යුතු ක්‍රියාවන් නිශ්චය කරගැනුමට සමූහය රැස්වීම ආදීය අඩංගු වෙයි. විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක් සතුව, විවිධ සාමාජික පංති තිබිය හැක. පොදුවේ භාවිතා වන සාමාජික පංති අතර, නිත්‍ය සාමාජිකයෝ, නිල-බලයෙන් පත්වන සාමාජිකයෝ සහ, ගරු සාමාජිකයෝ වෙති.

සටහන්

  1. බර්ක්, පිටු. 446–8
  2. රොබට්, පිටු. 1–2

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව පිළිබඳ තොරතුරු, විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව යනු කුමක්ද? විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව යනු කුමක් දර්ශනය කරන්නේ?