විමලරත්න කුමාරගම

විමලරත්න කුමාරගම 1919 ජනවාරි 18 වන දින පාතදුම්බර හාරිස්පත්තුව බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබිය. පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත් දෙනෙක් ගෙන් යුක්ත පවුලක දෙවනියා විය.

විමලරත්න කුමාරගම
උපත1919 ජනවාරි 18
පාතදුම්බර
මියගිය දිනය1962 දෙසැම්බර් 30
උගත් ශාස්ත්‍රාලයධර්මරාජ විද්‍යාලය, මහනුවර
රැකියාවප්‍රාදේශීය ආදායම් නිලධාරී
ප්‍රසිද්ධව ඇත්තේසිංහල කවිය, සිංහල සාහිත්‍යය

අධ්‍යාපනය

ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්විභාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය . ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර , පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.

පොත්

  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)
  • ආරච්චිරාළ

පද්‍ය නිර්මාණ

සංවේග වේදනා

කුමාරගම කවියාගෙ ප්‍රථම පද්‍ය නිර්මාණය බිහිවූයේ 1935 දීය. සංවේග වේදනා නම් වූ මේ පද්‍ය කාව්‍යය ලියැවුණෙ ස්වකිය සහෝදරිය ගෙ මරණය නිසා නැගුණු කඳුළු සෙවණැලි අතරිනි.සංවෙග වේදනා ඇරඹෙන්නේ මෙ ලෙසිනි .

පිය නැගණියනි හොවමින් අප දුක්වළෙක ගිය මුත් තුසිත දෙස රස නොම දැනදුකෙක සිය වසරක ම ලැග සිටියද හිමගොඩෙක ළය තුල ගින්න අඩු වේ ද අසකින්අසෙක 

පද්‍ය 75 කින් ස්මන්විත එම කව්‍යය සමාප්ත වනුයෙ මේ පද්‍යයෙනි.

නුවන'ග කඳුළැලින් හද ඇවිලෙමින්එන සුරවග යදිමි මිහිමත සිටුවමින්දණ මෙම දිග සසර වාසය අවසනක්වන තුරු නඟ මටම වෙවා උපනුපන්තැන 

1935 අවුරුද්දේ රජයෙ ලිපිකාර විභාගයෙන් සමත් ව අනුරාධපුර කච්චෙරියේ සේවයට පත්ව සිටි කාලයේ දී සංවේග වේදනා ප්‍රකාශයට පත්විණ.

නිල් සීනය

1941 දී අවුරුද්දේ ඔහු අතින් නිල් සීනය නිර්මාණය වීය. එය ඇරඹෙන්නේමෙලෙසිනි.

වික්මැති කෙනෙක් ඇතහොත් නිවටයෙක්ඇත අක් මුල් නොමැති වැනි සසරෙ ද ඉමක්ඇත ඉක් මෙන තැනක් ඇත දිවි ඉපැදුමක්ඇත දුක් මුහුදෙහිද සැනසුම් දුපතක්ඇත 

ගැඹුරු ජිවන දෘෂ්ටියක් හෙලිකරන නිල් සීනය කව්‍යයෙන් කුමාරගමගෙ මුහුකුරා යන කවිත්වය මන ලෙස පිළිබිඹු වේ. නිල් සීනය අවසන් වනුයේ මෙලෙසිනි.

ඇඹිලිය පෙඳ පාසී උඳුපියලියතෝර මෙය ඇදහුමද මහ සමයෙකි පලසාර කටු කඳුළු පිරි ලොව දැනගෙනපාර කිවි බව ලබමි දිවි විවියෙන ගතිමාර 

හේරත් හාමි

අලියා වැටුණු වැව ‌සිටි හේරත් හාමි මා වැනියකු වුවද මම වැදගත් වීමි මිනී කපන මුත් ඒ් හේරත්හාමි ඔහු මට වඩා විසි තිස් ගුණයෙන්දෑමි ඉස්පිරිතාලයේ අලියා වැටුණුවැවේ මළ මූ ඇදීමෙන් ඔහුගේ දවසගෙවේ මාසික පඩිය ලැබ පෙන්වූ නමුදුසුවේ ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැවේ 

ඔරුව

ගල්පර අසල ඇති බව දන්වනතරුව බොල් කළු වලාකුලකින් පිටවනුබැරුව කල් ගත කරයි මෙ ගමනට මුලපිරුව නිල් දිය පතුල රිසියෙද ගිල්වුණුඔරුව 

ආරච්චිරාළ

අලියා වැටුණු වැව ආරච්චි රාළට මුවමස් ඌරුමස් භිඟ නොමැත කෑමට මුළු ගංගොඩම හිටියත් ඔහුගේ වාලට ඔහු වැඩිපුරම බය ලොකූ සයිබු නානට වට්ටක්කා වැලකි ඒ ගෙයි වහලමත එරඬු වැටේ වැඩිපුර ලොකු කපොලුනැත කුරහන් බිස්ස යට බල්ලට සෙවනඇත ඔහුගේ ගෙදර මට හොඳටම මතකඇත පස් බානක්ම ඔහු හට හොර හරක්ඇත ගමනට පැදුරු දැමු බර බාගයක්ඇත නියඟක් අවත් ඉන් වැඩිපුර බයක්නැත වැව කිට්ටුවම වෙල ඉස්සර හයක් ඇත 

සිරගෙය

නුග අතු ඇහැටු දළු ගෙන එන විටදිළඟා එළවා ගතී වියරුව පැන සොඬයනඟා හත් දවසක්ම මේ දුක්මුසු රැඟුමරඟා ඈ බැරි තැන වුණා ඒ වළ තූළමදිගා ඒ මළ ඇතින්නට මුළු සතියකමදුක ඇති වූයේ මුගෙන් බව පැහැදිලිවදැක මුළු ලෝකයට ඉඩ දුන් මා ළයෙහිරැක ඇති කරුණාව ගැන මට තව තිබෙනසැක 

කවි

  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

මුලාශ්‍ර

  1. http://www.dailynews.lk/2007/12/29/fea10.asp

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විමලරත්න කුමාරගම පිළිබඳ තොරතුරු, විමලරත්න කුමාරගම යනු කුමක්ද? විමලරත්න කුමාරගම යනු කුමක් දර්ශනය කරන්නේ?