වීජ ගණිතය

මුල් පිටුව | වීජ ගණිතය

රාශි සම්බන්ධතා හා ව්‍යුහ පිළිබද අධ්‍යයනය කරන ගණිත ක්ෂේත්‍ර වීජ ගණිතය නම් වේ. වීජ ගණිතය හදුන්වන ඉංග්‍රීසි පදය “ඇල්ජිබ්රා” නම් වන අතර මොහොමඩ් බින් මුසා අල් ක්වරිස්මි නම් පර්සියානු ජාතිකයා විසින් රචිත කිටාබ් අල්ජබර් වල් මූ යන ග්‍රන්ථයේ නාමයෙන් එම වදන උපුටාගෙන ඇත. අල් - ක්වරිසම් ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු , නක්ෂත්‍රඥයෙකු සහ භූගෝල විද්‍යාඥයෙකු විය. ඔහුගේ ඉහත ග්‍රන්ථයේ නාමය “සංතුලනය පූරණය හා ගණනය පිළිබද සංක්ෂිප්ත ග්‍රන්ථය” යන අරුත ලබා දේ. ඔහු සිය ග්‍රන්ථය මගින් ඒකජ හා වර්ගජ සමීකරණ ක්‍රමානුකූලව විසදීම සදහා සංකේතමය කර්ම හදුන්වාදෙන ලදී.

වීජ ගණිතය ද , සංඛ්‍යා වාදය , ජ්‍යාමිතිය විශ්ලේෂණ විද්‍යාව හා සමායෝජන විද්‍යාව මෙන්ම ගණිතයට අදාල ප්‍රධාන විෂය පථයකි. මූලික වීජ ගණිතය බොහෝ ද්විතීයික අධ්‍යාපන විෂය මාලාවන්හි කොටසක් වේ. එමගින් සිසුන්ට වීජ ගණිතයේ මූලික සංකල්ප හදුන්වාදෙනු ලැබේ. ඒවා අතරට සංඛ්‍යා එකතු කිරීම හා ගුණ කිරීමේ ප්‍රතිඵල , විචල්‍යයන් පිළිබද සංකල්ප, බහුපද අර්ථ දැක්වීම් , සාධක සෙවීම සහ මූල නිර්ණය වැනි සංකල්ප අයත්ය.

මූලික වීජ ගණිතය හා සැසදීමේ දී වීජ ගණිතය ඉතා පුළුල් විෂය පථයකි. සෘජුව සංඛ්‍යා සමග වැඩ කිරීම හැරුණු විට සංකේත, විචල්‍ය සහ කුලක අවයව සමග ගණිත කර්ම කිරීම ද වීජ ගණිතයට අයත්ය. එකතු කිරීම හා ගුණ කිරීම සාමාන්‍යය ගණිත කර්ම සේ සැලකෙන අතර ඒවායේ යථාතථ්‍යය අර්ථ දැක්වීම් ඔස්සේ සමූහ, වලයන් සහ ක්ෂේත්‍ර යනාදී ව්‍යුහ දක්වා ප්‍රචාරණය සිදු වේ.


බහුපද ශ්‍රිත

ශේෂ ප්‍රමේයය

සාධක ප්‍රමේයය

පරිමේය ශ්‍රිත

පරි‍මේය ශ්‍රිත වියෝජනය(භින්න භාග)

වර්ගජ සමීකරණ හා වර්ගජ ප්‍රකාශන

වර්ගජ සමීකරණවල මූලවල ස්වභාවය

ඝාතීය හා ලඝුගණක ශ්‍රිත

ඝාතීය ශ්‍රිතය

ලඝුගණක ශ්‍රිතය

ගණිත අභ්‍යුහනය

ද්විපද ප්‍රසාරණය

ශ්‍රේණි

සංකීර්ණ සංඛ්‍යා

අර්ථ දැක්වීම

ආගන්ඩ් සටහන්

ජ්‍යාමිතික නිර්මාණ


මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වීජ ගණිතය පිළිබඳ තොරතුරු, වීජ ගණිතය යනු කුමක්ද? වීජ ගණිතය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.