වේවැල්කැටිය සෙල් ලිපිය

සිව් වන මහින්ද රජු (ක්‍රි.ව.1026-1042) විසින් පිහිටුවන ලද වේවැල්කැටිය සෙල් ලිපිය මෙරට පැරණි නීති පද්ධතිය ක්‍රියාත්මක වූ ආකාරය විමසන විට වැදගත් වේ. මෙම ශිලා ලේඛනය අඩි 06ක් උස අඩි 01.06 ½ක් පළල ශිලාමය පුවරුවක පේළි 45ක් වන සේ කොටා ඇත. සෙල් ලිපියට අනූව මනුෂ්‍ය ඝාතනය හා මීමුන්, එළුවන්, හරක් ආදී සතුන් ඝාතනය කිරීමද, පුද්ගලයෙකු මරණ දණ්‌ඩනයට ලක්‌ කළ හැකි වරදක්‌ බව සඳහන් කොට තිබේ.මිනී මැරීමට දඬුවම එල්ලා මැරීම බව මෙහි දක්වා ඇත.තවද අන්සතු හරක් හොරකම් කොට අසුවුවහොත් සොරාගත් සතුන් සොයා අයිතිකරුවන්ට බාර දී හරකුන්ගේ ශරීර වල තබා තිබෙන මුද්‍රාව රත් කොට සොරකම් කළ අයගේ නළලේ තැබිය යුතු බව ද දක්වා ඇත.

පෙ‍ළ

1.ශ්‍රී සිරිබර් කැත් කුළ කොත් ඔකාවස් රජ පරපුරෙ
2.න් බට් කැත් උසබ් නට් අග් මෙහෙසුන් වුලක්දිව් පොළො
3.යෝන පරපුරෙන් හිම් වූ සිරිසඟ්බෝ අභයි මහ රජ්හු සන්ලැඟු නව ව
4.න හවුරුදුයෙහි උන්ද්වප් සන්ද් පෙරෙ අව මාස් හිදස

මූලාශ්‍ර

  1. "පැරැණි ලක්‌දිව අධිකරණ සම්ප්‍රදාය". දිවයින. 9 අගෝස්තු 2009. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේවැල්කැටිය සෙල් ලිපිය පිළිබඳ තොරතුරු, වේවැල්කැටිය සෙල් ලිපිය යනු කුමක්ද? වේවැල්කැටිය සෙල් ලිපිය යනු කුමක් දර්ශනය කරන්නේ?