වෛවස්වත මනු හෙවත් ශ්‍රද්ධාදේව මනු යනු මෙම කල්පයේ මනුවෘන් 14න් 7වන මනුවරයයි. වර්තමානයේ ගෙවෙන්නේ වෛවස්වත මන්වන්තරයයි. මෙම මනු යුගයේ මනුෂ්‍ය වර්ගයා ව්‍යාප්ත වූයේ වෛවස්වත මනුගෙනි. මත්ස්‍ය පුරාණයට අනුකූලව ඔහු මත්ස්‍ය අවතාරයේ උපකාර සහිතව සප්ත සෘෂීන් සහ තම පරපුර මහා ජල ගැල්මෙන් බේරා ගනු ලැබීය. සූර්ය දෙවියන්ගේ පුත්‍රයා වන බැවින් ඔහුව වෛවස්වත නාමයෙන්ද ආමන්ත්‍රණය කරයි.
| වෛවස්වත මනු |
|---|
නිරුක්තිය
බ්‍රහ්ම දෙවියන් ජන්මය ලැබුවේ විෂ්ණු දෙවියන්ගෙ නාභියෙනි. විශ්වයේ නිර්මාණය කිරිමට බ්‍රහ්ම දෙවියන් ශක්ති දෙවඟන ගෙන් ශක්තිය ලබා ගැනීමෙන් අනතුරුව එතුමා තම ආධ්‍යාත්මික පුත්‍රයන් හට ජන්මය ලබා දුන්නේය. එයින් මරිචි මුණිගේ පුත්‍රයා වන කශ්‍යප සෘෂි වරයාගෙන් දේව, දෛත්යය, පන්නාග, රාක්ෂස සහ පක්ෂීන් ජන්මය ලැබූහ. දෙවියන් අතුරෙන් සූර්‍ය දෙවියන් විශේෂත්වයක් ගන්නා අතර ඔහුගේ මානස් පුත්‍රයා වන්නේ වෛවස්වත මනුය. ඔහුගේ බිරිඳ වන ශ්‍රද්ධා හට පුත්‍රයන් 9 දෙනෙක් ජන්මය ලැබූ අතර් ඔවුන් වන්නේ නාභාග, දෘශ්ඨ, ශර්යාති, නරිස්‍යන්ත, ප්‍රාම්ශු, නෘග, දිස්ථ, කරූස සහ ඉක්ශ්වාකු නම් වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෛවස්වත මනු පිළිබඳ තොරතුරු, වෛවස්වත මනු යනු කුමක්ද? වෛවස්වත මනු යනු කුමක් දර්ශනය කරන්නේ?