වොයේජර් 1 යනු නාසා ආයතනයේ වොයේජර් වැඩසටහන යටතේ, 1977 සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් දියත් කෙරුනු අභ්‍යවකාශ ප්‍රෝබයකි. යානයේ අරමුණ වූයේ බාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ සූර්යගෝලයෙන් එපිට අන්තස්තාරීය අභ්‍යවකාශය ගවේශනය කිරීමයි. වොයේජර් 2 යානය දියත් කිරීමෙන් දින 16 කට පසු දියත් කෙරුනු වොයේජර් 1, අද වන විට වසර 48 ක්, මාස 3 ක් සහ දින 3 ක් ක්‍රියාකාරීව පැවතී ඇත. පෘථිවියේ සිට වොයේජර් 1 යානයට විධාන යැවීම සහ වොයේජර් 1 විසින් පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු වනුයේ නාසා ආයතනයේ ගැඹුරු අභ්‍යවකාශ ජාලය ඔස්සේ ය. නාසා ආයතනය සහ ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය විසින් යානයේ තත්‍ය-කාලීන දුර සහ ප්‍රවේගය වැනි විස්තර සපයනු ලැබේ. 2022 නොවැම්බර් 7 වන විට, වොයේජර් 1 යානය පෘථිවියේ සිට තාරකා විද්‍යාත්මක ඒකක වලින් 158.79 ක දුරක් (කිලෝමීටර් බිලියන 23.754; සැතපුම් බිලියන 14.760) ගමන් කර ඇති අතර, පෘථීවියේ සිට වැඩිම දුරක් ගමන් කරන ලද කෘතීම වස්තුව එය වෙයි.
වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය | |||||
| මෙහෙයුම් වර්ගය | බාහිර ග්‍රහලෝක, සූර්‍යගෝලය සහ අන්තස්තාරීය මාධ්‍යය ගවේෂණය | ||||
|---|---|---|---|---|---|
| ක්‍රියාකරු | නාසා / ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය | ||||
| COSPAR ID | 1977-084A | ||||
| SATCAT № | 10321 | ||||
| වෙබ් අඩවිය | voyager.jpl.nasa.gov/ | ||||
| මෙහෙයුම් පැවතුම් කාලය |
| ||||
| අභ්‍යාවකාශයානා ගුණාංග | |||||
| අභ්‍යාවකාශායානා වර්ගය | මැරිනර් බ්‍රහස්පති-සෙනසුරු | ||||
| නිෂ්පාදක | ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය | ||||
| දියත් ස්කන්ධය | 825.5 kg (1,820 lb) | ||||
| ජවය | වොට් 470 (දියත් කරන විට) | ||||
| මෙහෙයුමෙහි ඇරඹුම | |||||
| අභ්‍යාවකාශගතකිරීම් දිනය | සැප්තැම්බර් 5, 1977, 12:56:00 UTC | ||||
| රොකට්ටුව | ටයිටන් IIIE | ||||
| අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | කැනවරල් තුඩුවේ ගුවන් හමුදා ස්ථානයේ 41 වෙනි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණය | ||||
| බ්‍රහස්පති අසළින් පියාසර කිරීම | |||||
| සමීපතම ප්‍රවේශය | මාර්තු 5, 1979 | ||||
| දුර | 349,000 km (217,000 mi) | ||||
| සෙනසුරු අසළින් පියාසර කිරීම | |||||
| සමීපතම ප්‍රවේශය | නොවැම්බර් 12, 1980 | ||||
| දුර | 124,000 km (77,000 mi) | ||||
| ටයිටන් අසළින් පියාසර කිරීම (වායුගෝලය අධ්‍යයනය) | |||||
| සමීපතම ප්‍රවේශය | නොවැම්බර් 12, 1980 | ||||
| දුර | 6,490 km (4,030 mi) | ||||
----
| |||||
ආශ්‍රිත
- "වොයේජර් 1". NSSDC Master Catalog. NASA/NSSDC. සම්ප්‍රවේශය August 21, 2013.
- "වොයේජර් 1". N2YO. සම්ප්‍රවේශය August 21, 2013.
- "වොයේජර් - මිෂන් ස්ටේටස්" [වොයේජර් - මෙහෙයුමේ තත්ත්වය]. ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය. ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2021.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වොයේජර් 1 පිළිබඳ තොරතුරු, වොයේජර් 1 යනු කුමක්ද? වොයේජර් 1 යනු කුමක් දර්ශනය කරන්නේ?