කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය (ඉංග්‍රීසි: Sri Palee Campus) පිහිටා ඇත්තේ හොරණ, වෑවල ප්‍රදේශයේය. 1996 වර්ෂයේ දී මෙම මණ්ඩපය පිහිටුවන ලදි. මෙම මණ්ඩපය මඟින් ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා අධ්‍යයනයට අදාළව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා මෙහෙයවනු ලබයි.
| කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය | |
|---|---|
ශ්‍රී පාලි මණ්ඩපයේ ලයාන් නිවස | |
| වර්ගය | උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපනය |
| පිහිටුවන ලද්දේ | 1996 |
| මණ්ඩපාධිපති | මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි |
| පිහිටීම | හොරණ, ශ්‍රී ලංකාව |
| ප්‍රකාශන | ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සමාජ විද්‍යාත්මක ප්‍රවේශය - වෙළුම 01 ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : න්‍යායික සංකල්ප සහ පර්යේෂණ ක්‍රමවේද - වෙළුම 02 ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සංඥාර්ථවේදී ප්‍රවේශය - වෙළුම 03 ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සංඥාර්ථවේදී ප්‍රවේශය - වෙළුම 04 ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : මාධ්‍ය සංස්කෘතිය - වෙළුම 05 ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : මාධ්‍ය සංස්කෘතිය - වෙළුම 06 The International Journal of Communicology (IJC) - Vol. 01 The International Journal of Communicology (IJC) - Vol. 02 |
| වෙබ් අඩවිය | spc.cmb.ac.lk |
ඉතිහාසය
කොළඹ විශ්වවිද්‍යාලයීය බටහිර මණ්ඩපය ලෙස ශ්‍රී පාලි මණ්ඩපය මුල්වරට පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1996 වර්ෂයේ ජූනි 20 වන දින නිකුත් කරන ලද අංක 928/1 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි. පසුව 1998 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වන දින සිට ක්‍රියාත්මක පරිදි 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය ප්‍රකාරව ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව එහි නාමය කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය ලෙස සංශෝධනය කරන ලදි.
ශ්‍රී පාලි මණ්ඩපය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ ප්‍රකට දේශපාලනඥයෙකු වූ ගරු විල්මට් ඒ. පෙරේරාය.මෙය ශ්‍රී පාලි විද්‍යාලයේ කොටසක් වී පැවතුනේය.පසුව එම පාසල රජයට පවරා ගැනිමෙන් පසුව එහි ඉහල කොටස ශ්‍රී පාලි මණ්ඩපය ලෙස නම් කරන ලදි.
අධ්‍යයන කටයුතු
ශ්‍රී පාලි මණ්ඩපය ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා ලෙස අධ්‍යයනාංශ දෙකකින් සමන්විත වේ. මණ්ඩපයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය දෙපාර්තමේන්තු හතරක් යටතේ සේවයේ නිරත වේ.
- ජනමාධ්‍ය දෙපාර්තමේන්තුව
- ප්‍රසංග කලා දෙපාර්තමේන්තුව
- පරිගණක අධ්‍යයන දෙපාර්තමේන්තුව
- භාෂා අධ්‍යයන දෙපාර්තමේන්තුව
උපාධි අපේක්ෂක පාඨමාලා
- ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය
- ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය
පශ්චාත් උපාධි පාඨමාලා
- ජනමාධ්‍ය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (එක් වසරක)
- ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව (දෙවසරක)
- ජනමාධ්‍ය පර්යේෂණ පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව (දෙවසරක)
පර්යේෂණ සහ ප්‍රකාශන
ශ්‍රී පාලි මණ්ඩපයේ මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය (CMR) මඟින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව පර්යේෂණ සිදු කිරීම හා ප්‍රකාශන නිකුත් කිරීම සිදුකරනු ලබයි. මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතාය.
නිකුත් කරන ලද ප්‍රකාශන
| ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සමාජ විද්‍යාත්මක ප්‍රවේශය වෙළුම 01 සංස්කාරක: ආචාර්ය ටියුඩර් වීරසිංහ ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් | |
| ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : න්‍යායික සංකල්ප සහ පර්යේෂණ ක්‍රමවේද වෙළුම 02 සංස්කාරක: ආචාර්ය ටියුඩර් වීරසිංහ ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් | |
| ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සංඥාර්ථවේදී ප්‍රවේශය වෙළුම 03 සංස්කාරක: ආචාර්ය ටියුඩර් වීරසිංහ ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් | |
| ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සංඥාර්ථවේදී ප්‍රවේශය වෙළුම 04 සංස්කාරක: ආචාර්ය ටියුඩර් වීරසිංහ ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් | |
| ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : මාධ්‍ය සංස්කෘතිය වෙළුම 05 ප්‍රධාන සංස්කාරකක: මහාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් | |
| ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : මාධ්‍ය සංස්කෘතිය වෙළුම 06 ප්‍රධාන සංස්කාරකක: මහාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් | |
| The International Journal of Communicology (IJC) Volume 01 Editor in Chief: Professor Dharmakeerthi Sri Ranjan | |
| The International Journal of Communicology (IJC) Volume 02 Editor in Chief: Professor Dharmakeerthi Sri Ranjan |
පින්තූර ගැලරිය
- ප්‍රවේශ දොරටුව
- අරුන්දතී ශාලාව
- ගරු විල්මට් ඒ. පෙරේරා මහතාගේ ප්‍රතිමාව
- ප්‍රසංග කලා දෙපාර්තමේන්තුව
- පුස්තකාලය
- දේශන ශාලා
- සංගීත අංශය
- මණ්ඩපය තුළ ඉදිකර ඇති පන්සල
ආශ්‍රිත මූලාශ්‍ර
- "Sri Palee Campus". Ministry of Higher Education and Highways. Ministry of Higher Education and Highways. සම්ප්‍රවේශය 17 August 2016.
- Center for Media Research (CMR)
බාහිර සබැඳුම්
- Dr. DharmaKeerthi Sri Ranjan’s Personal Website
- Center for Media Research (CMR) – Sri Palee Campus
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී පාලි මණ්ඩපය පිළිබඳ තොරතුරු, ශ්‍රී පාලි මණ්ඩපය යනු කුමක්ද? ශ්‍රී පාලි මණ්ඩපය යනු කුමක් දර්ශනය කරන්නේ?