1978 වසරේදි එවකට ගරු අගමැති ජූනියස් රිචඩ් ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේ.
ඉතිහාසය
1977 වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමාජවාදී ප්‍රතිපත්ති අනුව පාලනය වූ රජය පෙරළා ජූනියස් ජයවර්ධන මහතා යටතේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකින් පසු නැවත බලයට පත් විය. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයෙන් වෙළඳපොල ආර්ථිකයක් ඇති කරන බවත්, ධාන්‍ය කිලෝග්‍රෑම් 8 ක් නොමිලේ දෙන බවටත් පොරොන්දු දුන්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්ෂ (ඔවුන් ඡන්ද ප්‍රමාණයෙන් 40% ක් ලබා ගත් නමුත්) පාර්ලිමේන්තුවෙන් අතු ගා දැමුවාක් මෙන් විය. ද්‍රවිඩ එක්සත් පෙරමුණ නම් අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ගේ නායකත්වයෙන් යුත් පක්ෂය නිල වශයෙන් විරුද්ධ පක්ෂය බවට පත් විය. මෙම තත්වය ශ්‍රී ලංකා දේශපාලනයේ අනතුරුදායක ජනවාර්ගික භේදයක් නිර්මාණය කළේය.
පාර්ලිමේන්තුවේ පනතක් මගින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කරන ලදී. ජේ. ආර් ජයවර්ධන මහතා 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. එයින් ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස පත් වුණු අතර, මින් ඉදිරියට ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන නමින් හඳුන්වන ලදි.
ජනාධිපති ජයවර්ධන මහතා විසින් ජනාධිපතිවරණය වේලාසන පැවැත්වීම සඳහා 1982 දී ව්‍යවස්ථාව සංශෝධනය කළේය. (එය ඔහුගේ අවුරුදු 10 ක සේවා කාලය තළ කළ සංශෝධන 13 න් එකකි)
මූලික කරුණු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2001 ඔක්තොම්බර්03 දක්වා වන සංශෝධන සහිතව බා ගත කිරීමට මෙම සබැඳියාව භාවිතා කරන්නhttp://parliament.lankapanel.net/web/images/pdf/constitution_si.pdf[permanent dead link]
සංශෝධන
1වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
1978 නොවැම්බර් මස 20දා සිට ක්‍රියාත්මක වූ අතර මෙහිදී අභියාචනාධිකරණයට අයත් බලතල කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන ලදි. මේ සඳහා 140 වන ව්‍යවස්ථාව සංශෝධනය ලදි.
2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
1979 පෙබරවාරි 26 දින සිට ක්‍රියාත්මක විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අවසාන වන අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග ගැන මෙහි සටහන් වේ.
ආශ්‍රිත
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවිය - දහහත්වන සංශෝධනය දක්වා සංශෝධන
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක්ද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක් දර්ශනය කරන්නේ?