| ශ්‍රී ලංකා පිළලිච්චා | |
|---|---|
| D. vincens විශේෂයේ පිරිමි සහ ගැහැනු පක්ෂීන් පහළින් දැක්වෙන Dicaeum melanoxanthum විශේෂය සමග සැසඳීමක් | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Passeriformes |
| කුලය: | Dicaeidae |
| ගණය: | ' Dicaeum ' |
| විශේෂය: | ''D. vincens'' |
| ද්වීපද නාමය | |
| Dicaeum vincens (ස්ක්ලේටර්, 1872) | |
ශ්‍රී ලංකා පිළලිච්චා (Dicaeum vincens) යනුවෙන් හඳුන්වන්නේ කුඩා රිටිලගු පක්ෂියෙකි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ ආවේණික නේවාසික සුවැදියෙකි. මෙම පක්ෂියා නම්කොට ඇත්තේ ඕස්ට්‍රේලියානු පක්ෂි විද්‍යාඥයකු වන විලියම් වින්සන්ට් ලෙග්ගේ නාමය ඇසුරෙනි.
ශ්‍රී ලංකා පිළලිච්චා වනාන්තර සහ උද්‍යාන ඇතුළු වෙනත් වනවැස්ම සහිත වාසස්ථානවල දක්නට ලැබෙන පක්ෂියෙකි. ගසක එල්ලා වැටෙන පරිදි තැනූ පසුම්බියක හැඩැති කැදැල්ල තුළ බිත්තර දෙකක් දමයි.
විස්තරය
මෙම පක්ෂියා ඉතා කුඩා, පිළලිච්චන් විශේෂයකි. 10 cm පමණ දිගැති පක්ෂියාගේ වලිගය කෙටි අතර, කෙටි ඝනකම් වක්වූ හොටයක් සහ නාලයක් වැනි දිවක් සහිත ය. මෙම ගුණාංග හේතුවෙන් පිළිලිච්චනට මල්පැණි උරාබීමට හැකියාව ලැබී ඇත. මීට අමතරව කුඩා ගෙඩි වර්ග, මකුළුවන් සහ කෘමීන් ආහාර ලෙස ගනියි.
පිරිමි ශ්‍රී ලංකා පිළලිච්චන්ගේ උඩුකය නිල්-කළු පැහැති අතර, ගෙල සහ ලයේ ඉහළ කොටස සුදු පැහැති ය. පහළ ලය සහ උදරය කහ පැහැති ය. ගැහැනු පිළලිච්චන් අඳුරු පැහැති අතර, උඩුකය ඔලිව්-දුඹුරු පැහැති ය.
සංස්කෘතිය තුළ
ශ්‍රී ලංකාවේ රුපියලේ තැපැල් මුද්දරයක් තුළ මෙම පක්ෂියාගේ රුව දක්නට ලැබේ. මෙම පක්ෂියා ඉංග්‍රීසි බසින් Legge's flowerpecker හෝ White-throated flowerpecker ලෙස හැඳින්වේ.
ආශ්‍රේයයන්
- "Dicaeum vincens". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 November 2013.
{{cite web}}: Invalid|ref=harv(help) - Beolens, Bo & Michael Watkins (2003) Whose Bird?: Men and women commemorated in the common names of birds, Christopher Helm, London.
- http://www.birdtheme.org/country/srilanka.html
- Birds of India by Grimmett, Inskipp and Inskipp, ISBN 0-691-04910-6
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා පිළලිච්චා පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා පිළලිච්චා යනු කුමක්ද? ශ්‍රී ලංකා පිළලිච්චා යනු කුමක් දර්ශනය කරන්නේ?