1994 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ තුන්වන ජනාධිපතිවරණය වේ. 1994 ඔක්තෝබර් 7 වන දින නාමයෝජනා පිළිගත් අතර මැතිවරණය 1994 නොවැම්බර් 9 දින පැවැත්විණි. මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 70.47% කි. පාලක පොදු පෙරමුණ අපේක්ෂක අග්‍රාමාත්‍ය චන්ද්‍රිකා කුමාරතුංග නව ජනාධිපති ලෙස තේරී පත් වූ අතර, මුළු ඡන්ද වලින් 62% ක් ඇය ලබා ගත්තාය.
| ||||||||||||||||
| ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 73.31% | |||||||||||||||
| ||||||||||||||||
මැතිවරණ කොට්ඨාස අනුව ජයග්‍රාහකයන්. නිල් පාටින් චන්ද්‍රිකා කුමාරතුංගද කොළ පාටින් ශ්‍රීමා දිසානායකද දැක්වේ. | ||||||||||||||||
| ||||||||||||||||
පසුබිම
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1993 දී ත්‍රස්තවාදී කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද අතර ඔහුගෙන් පසුව අග්‍රාමාත්‍ය ඩිංගිරි බණ්ඩා විජේතුංග ඉතිරි කාලය සදහා ජනාධිපති විය. ජනාධිපති විජේතුංග 1994 මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළේය. එබැවින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක ගාමිනි දිසනායක මහතා තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රධාන අභියෝගකයා වූයේ 1994 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් මහජන සන්ධානයේ අගමැති චන්ද්‍රිකා කුමාරතුංග ය.
1994 ඔක්තෝබර් 24 වන දින ජනාධිපතිවරණ සමයේදී ගාමිනි දිසානායක දෙමළ කොටින් විසින් ඝාතනය කරන ලදී. ඡන්ද පත්‍රිකාවේ ඔහුගේ නම ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසනායක විසින් ආදේශ කරන ලදී.
ප්‍රතිළුලය
කුමාරතුංග මැතිවරණය ජයග්‍රහණය කළේ 62.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.
| අපේක්ෂකයා | පක්ෂය | ජනප්‍රිය ඡන්දය | ප්‍රතිශතය | |
|---|---|---|---|---|
| චන්ද්‍රිකා කුමාරතුංග | පොදු පෙරමුණ | 4,709,205 | 62.28% | |
| ශ්‍රීමා දිසානායක | එක්සත් ජාතික පක්ෂය | 2,715,283 | 35.91% | |
| හඩ්සන් සමරසිංහ | ස්වාධීන | 58,886 | 0.78% | |
| හරිශ්චන්ද්‍ර විජයතුංග | සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂය | 32,651 | 0.43% | |
| ඒ. ජේ. රණසිංහ | ස්වාධීන | 22,752 | 0.30% | |
| නිහාල් ගලප්පත්ති | ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ | 22,749 | 0.30% | |
| වලංගු ඡන්ද | 7,561,526 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද | 151,706 | 1.97% | ||
| මුළු ඡන්ද | 7,713,232 | 70.47% | ||
| ලියාපදිංචි ඡන්දදායකයින් | 10,945,065 | |||
යොමුව
- "Result of Presidential Election 1994" (PDF) . මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2009-03-04 දින මුල් පිටුවෙන් (PDF) සංරක්‍ෂණය කරන ලදි .
- "1994 Sri Lanka Presidential Election Results" . LankaNewspapers.com.
- "1994 - Presidential Election" . Manthree.com. 2010-01-30 දින මුල් පිටුවෙන් සංරක්‍ෂණය කරන ලදි .
- "Result of Presidential Election 1994" (PDF). Department of Elections, Sri Lanka. 2009-03-04 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-09-03.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1994 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1994 යනු කුමක්ද? ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1994 යනු කුමක් දර්ශනය කරන්නේ?