2005 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිවරණය විය. 2005 සැප්තැම්බර් 7 දිනදී නාමයෝජනා භාර ගනු ලැබුනු අතර, 2005 නොවැම්බර් 17 දිනදී මැතිවරණය පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය 73.73% විය. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ප්‍රකාශිත සියළු ඡන්ද වලින් 50.3% ලබා තේරී පත් විය.
| |||||||||||||||||||
| ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 73.73% | ||||||||||||||||||
| |||||||||||||||||||
ඡන්ද කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. රාජපක්ෂ නිල් පැහැයෙන් සහ වික්‍රමසිංහ කොළ පැහැයෙන්. | |||||||||||||||||||
| |||||||||||||||||||
ජනාධිපතිමය ධූර කාල අර්බුදය
පළමුව, මැතිවරණයක් පවත්වන්නේද යන්න පිළිබඳවත් අනියත බවක් පැවතිණි. නියමිත කාලයට වසරක් පෙරාතුව, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින්, 1999 මැතිවරණය කැඳවා තිබුණි; එම අමතර වසර ඇයගේ දෙවන ධූර කාලයට එක් විය යුතු බව තර්ක කල ඇය, ඒ පිළිබඳව නඩු ගොනු කලාය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කල අතර මැතිවරණය පැවැත්විණි.
මැතිවරණ ව්‍යාපාරය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් රනිල් වික්‍රමසිංහද විගසින් ඉස්මතුවී ආහ. අපේක්ෂකයෝ දෙදෙනාම උත්සාහ කලේ සුළු පක්ෂ වල සහය ලබා ගැනීමටය.ජනතා විමුක්ති පෙරමුණ හා සමග පාර්ලිමේන්තු මට්ටමේ (එක්සත් ජනතා නිදහස් සන්ධානය) පැවති සන්ධානය යළි-එකලස් කිරීමට රාජපක්ෂට සිදුවී තිබුණි. ෆෙඩරල් වාදය ප්‍රතික්ෂේප කිරීමටද දෙමළ ඊළාම් විමුක්ති කොටි සමගින් පැවති සටන් විරාමය යළි-කතිකා කිරීමටද ඔහු එකඟ වීමෙන් පසුව, ජවිපෙ සහ ජාතික හෙළ උරුමය විසින් ඔහු අනුමත කෙරිණි.
වාර්ගික ගැටළුව පිළිබඳ සාමාන්‍ය වශයෙන් වඩාත් සමගියට ලැදි ස්ථාවරයක් දැරූ වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා මෙයින් පසුව පැවති එකම තාත්වික බලාපොරොත්තුව වූයේ දිවයිනෙහි වාර්ගික සුළුතර සහාය ලබාගැනුමයි. ප්‍රධාන මුස්ලිම් පක්ෂය වූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙහි සහ, වතුකර දෙමළ ජනයා නියෝජනය කල ලංකා කම්කරු කොංග්‍රසයෙහි අනුමැතිය ලබා ගැනුමට ඔහු සමත් විය. කෙසේවෙතත්, ප්‍රධාන ශ්‍රී ලාංකික දෙමළ පක්ෂයවූ, දෙමළ ජාතික සන්ධානයෙහි සහය ලබා ගැනුමට ඔහු අසමත් විය. ඔහු සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ ලෙසින් ඉඩ කඩ ඇතිව සිටි දෙමළ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසින් දෙඊවිකො විසින් අණ කිරීමෙන් පසුව, වික්‍රමසිංහගේ ජයග්‍රහණ බලාපොරොත්තු සිඳී ගියේය.
ආර්ථික ගැටළුද රාජපක්ෂගේ වාසියට හේතු විය. ඔහු අග්‍රාමාත්‍යවරයාව සිටි 2001-04 කාල සීමාවේදී, වික්‍රමසිංහගේ නිදහස්-වෙළෙඳපොළ ප්‍රතිපත්ති යටතේ, ශ්‍රී ලංකාව විසින් ප්‍රබල වර්ධනයක් අත්පත් කරගත් නමුදු, ඔහු විසින් ක්‍රියාත්මක කෙරුණු මතභේදකාරී පුද්ගලීකරණයන් නවතාලීමට රාජපක්ෂ පොරොන්දු විය. ආර්ථික ජාතිකවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටද රාජපක්ෂ පොරොන්දු විය.
ප්‍රතිඵල
| අපේක්ෂකයා | පක්ෂය / සන්ධානය | ඡන්ද | % | |
|---|---|---|---|---|
| මහින්ද රාජපක්ෂ | එක්සත් ජනතා නිදහස් සන්ධානය | 4,887,152 | 50.29% | |
| රනිල් වික්‍රමසිංහ | එක්සත් ජාතික පක්ෂය | 4,706,366 | 48.43% | |
| සිරිතුංග ජයසූරිය | එක්සත් සමාජවාදි පක්ෂය | 35,425 | 0.36% | |
| ඒ. ඒ. සුරවීර | ජාතික සංවර්ධන පෙරමුණ | 31,238 | 0.32% | |
| වික්ටර් හෙට්ටිගොඩ | එක්සත් ලංකා ජනතා පක්ෂය | 14,458 | 0.15% | |
| චමිල් ජයනෙත්ති | නව වාමාංශික පෙරමුණ | 9,296 | 0.10% | |
| අරුණ ද සොයිසා | රුහුණු ජනතා පක්ෂය | 7,685 | 0.08% | |
| විමල් ගීගනගේ | ශ්‍රී ලංකා ජාතික පෙරමුණ | 6,639 | 0.07% | |
| අනුර දි සිල්වා | එක්සත් ලලිත් පෙරමුණ | 6,357 | 0.07% | |
| අජිත් ආරච්චිගේ | ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය | 5,082 | 0.05% | |
| විජේ ඩයස් | සමාජවාදී සමානතා පක්ෂය | 3,500 | 0.04% | |
| නෙල්සන් පෙරේරා | ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ | 2,525 | 0.03% | |
| හේවාහීනිපෙල්ලගේ ධර්මවජ | එක්සත් ජාතික විකල්ප පෙරමුණ | 1,316 | 0.01% | |
| වලංගු ඡන්ද | 9,717,039 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය | 109,739 | |||
| සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය | 9,826,778 | |||
| ලියාපදිංචි ඡන්දදායකයෝ | 13,327,160 | |||
| ඡන්දය ප්‍රකාශ කිරීම | 73.73% | |||
| මූලාශ්‍රය: මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව | ||||
ආශ්‍රිත
- "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 2005 (ඩිස්ට්‍රික්ට්)" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "ශ්‍රී ලංකා ඉලෙක්ෂන් රිසල්ට්ස් 2005 - ලයිව් අප්ඩේට්". LankaNewspapers.com.
- "2005 - ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්". Manthree.com.
- "ඩිමොක්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්ස් ඔෆ් 17 නොවෙම්බර් 2005". Psephos - Adam Carr's Election Archive.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2005 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2005 යනු කුමක්ද? ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2005 යනු කුමක් දර්ශනය කරන්නේ?