1909 මාර්තු මස 3 වන දින, ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කරන ලදී. එය ලංකාවේ පැරණිම බෞද්ධ පාසල් වලින් එකකි. මෙය ජාතික පාසලකි. සිසුන් 4000කට අධික සංඛ්‍යාවක් සිටින මෙම පාසලේ ගුරුවරුන් 130 පමණ ඉගැන්වීම් කටයුතු වල නිරත වේ.මෙම විද්‍යාලය බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය මුලික කොට ගෙන නිර්මාණ විය . 2024/03/03 දිනට මෙම පාසලට වසර 115 ක් සපිරේ.
| ශ්‍රී සුමංගල විද්‍යාලය | |
|---|---|
| ස්ථානය | |
| ඛණ්ඩාංක | 6°42′30″N 79°54′55″E / 6.70833°N 79.91528°E |
| තොරතුරු | |
| වර්ගය | 1 වන AB පන්තියේ ජාතික පාසලකි |
| ආදර්ශ පාඨය | සුඛෝ පඤඤාය පටිලාභො අර්ථය : "නුවණ වැඩීම සැපතකි.") |
| ආරම්භ කලේ | 1909 |
| ආදිකර්තෘ | පූජ්‍ය ඥාණ විමලතිස්ස මහ නාහිමි සහ පූජ්‍ය වල්පිට තිස්ස ගුණරතන මහ නාහිමි ඇතුළු බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය |
| පාසල් අංකය | SSC |
| විදුහල්පති | රවීන්ද්‍ර පුෂ්පකුමාර |
| ශ්‍රේණි | 1 - 13 |
| බාලක/බාලිකා | බාලක |
| වයස් පරාසය | 6 - 19 |
| වර්ණ(ය) | නිල්, රන් සහ කොළ |
| අනුබැඳිය | බෞද්ධ |
| Alumni | ආදි සුමංගලනුවන් |
| සහෝදරී පාසල | ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය- පානදුර |
| වාර්ශික මහා ක්‍රිකට් තරගය | මොරටු මහා විද්‍යාලය සමග පැවත්වේ(රන් මහා සටන) |
| වෙබ් අඩවිය | srisumangala.lk |
ඉතිහාසය
ඓතිහාසික පානදුරා වාදයේ බෞද්ධ ප්‍රබෝධයට සමගාමීව අති පූජ්‍ය වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට උපහාර පිණිස පානදුර රන්කොත් විහාර වාසී පානදුර ඥාණ විමලතිස්ස ස්වාමීන් වහන්සේ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ ආශිර්වාදයෙන් වර්ෂ 1909 ක් වූ මාර්තු මස 03 වන දින පි. ලුවිස් දියෙස්, පි. දුමින්ද දියෙස්, මුදලිඳු තෝමස් රුදිගු, එම්. මත්තෙස් සල්ගාදු, පි. සී. එච්. දියෙස්, එම්. කොරනේලිස් පෙරේරා යනාදී සිංහල බෞද්ධ පුතුන්ගේ මුලිකත්වයෙන් රන්කොත් විහාර නම්වු පුණන්‍ය භූමියෙහි ශ්‍රී සුමංගල විද්‍යාලය නම් වූ විද්‍යාස්ථානය සිංහල දරුවන්ට උසස් ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබා දීමට ලක් මාතාවට දායාද කෙරිණි.
විද්‍යාල ගීතය
සිරි සුමඟුල් විදුහලේ
යසස පතමු දින දිනේ...//
සුචරිත ගුණ දම් සොයා
සිසුනට දී දම් අමා..
සුසිර පැතිර සුදිලෙවා
සුදිලෙවා සුදිලෙවා
සුසිර පැතිර සුදිලෙවා
හෙළ බස හෙළ ගී අපේ
ජාතික සුසිරිත් කලා...//
දෙවමින නිති වැඩ සැදු
සුමඟුල් මව වැජඹෙවා
වැජඹෙවා වැජඹෙවා
සුමඟුල් මව වැජඹෙවා.
ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු
නිවාස
සෑම වසරකම මුල් වාරයේ මලල ක්‍රීඩා උත්සවය පැවැත්වෙන අතර එහිදී නිවාස හතරකට බෙදී තරග කරයි. මෙම නිවාස නම් කර ඇත්තේ අතීත රජවරු සිහිවීම පිණිසය.
| නිවාසය | වර්ණය | නම් කරන ලද්දේ |
|---|---|---|
| විජය | කොළ | විජය රජු |
| ගැමුණු | කහ | දුටු ගැමුණු රජු |
| තිස්ස | රතු | තිස්ස රජු |
| පරාක්‍රම | නිල් | පරාක්‍රමබාහු රජු |
ක්‍රීඩා
- චෙස්
- මලල ක්‍රීඩා
- පිහිනුම්
- ක්‍රිකට්
- මේස පන්දු
- බැඩ්මින්ටන්
- හොකී
- වොලිබෝල්
- කරාතේ
- බොක්‌සින්
- රගර්
- මල්ලව පොර
- ජුඩෝ
- වුෂු
- පාපන්දු
විෂය බාහිර ක්‍රීයාකාරකම්
- තාරකා හා විද්‍යා සංගමය
- බෞද්ධ සංගමය
- සෞඛ්‍යදාන ඒකකය
- ශිෂ්‍ය නායක සංගමය
- බාලදක්ෂ සංගමය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජය
- වාණිජ සංගමය
- මාධ්‍ය ඒකකය
- කථික හා විවාද සංගමය
- පරිසර සංගමය
- ඉන්ටරැක්ට් සමාජය
- සිංහ සමාජය
- ඡායාරූප සංගමය
- දැණුම මිනුම සමාජය
- නව නිපයුම් ඒකකය
- ශිෂ්‍ය භට බලකාය
- ගුවන්සර සංගමය
රන් මහා සටන
ශ්‍රී සුමංගල විද්‍යාලයේ නොමැකෙන මතකයක් වන රන් මහා සටන සෑම වසරකම පාසාම පානදුර පුරවරයත් මොරටු පුරවරයත් යා කරමින් මොරටු මහා විද්‍යාය සමග පැවැත්වේ. මීට සමගාමීව පන්දුවාර පනහ එක්දින තරගයක්ද පැවැත්වේ එසේම සමගාමීව පාසල් ගුරු බවතුන්ගේ සැහල්ලු පන්දු ක්‍රිකට් හා වොලිබෝල් තරගද පවත්වයි.
ශ්‍රී සුමංගලයේ විදුහල්පතිවරු
| නම | පත්වීම ලැබූ වසර |
|---|---|
| තෝමස් ඊ. ගුණරත්න | |
| ඩබ්. චාල්ස් ද සිල්වා | |
| ටී. එස්. අනිරාවන් | |
| සී. ඊ. සෙට්‍රන්ජ් | |
| ඩී. සී. රණසිංහ | |
| ආර්. එස්. එස්. ගුණවර්ධන | |
| ඒ. ගිනිගේ | |
| ඒ. එම්. ද සිල්වා | |
| එන්. කේ. ටී. චන්දාසේකර | |
| පී. ජේ. ජයරත්න | |
| පී. ද එස්. කුලරත්න | |
| එම්. ඩබ්. කරුණානන්ද | |
| ඩී. ඩබ්. ජේ. පෙරේරා | |
| ඒ. ජේ. ප්‍රනාන්දු | |
| කේ. එල්. වී. අලගියවන්න | |
| ආර්. ඒ. මාර්තස් | |
| සී. එච්. ජේ. වීරසූරිය | |
| ආතර් රණසිංහ | |
| එච්. ආර්. පෙරේරා | |
| ඩබ්. කහඳගමගේ | |
| එස්. විජේවීර | |
| එම්. ඩී. එල්. ප්‍රනාන්දු | |
| ඒ. ජී. වෙත්තසිංහ | |
| ඩී. ඩී. විජේමාන්න | |
| ඒ. පී. ද සිල්වා | |
| එම්. එස්. එන්. කේ. ප්‍රනාන්දු | |
| ජී. ඩී. කේ. පෙරේරා | |
| ජේ. කේ. පී. අශෝකරත්න | |
| ඩී. ඊ. ජයනෙත්ති | |
| අයි. ඩී. පියරත්න | |
| එච්. එම්. ගුණරත්න | |
| එල්. ඩබ්ලිව්. සෝමතිලක | |
| තිලක් ද සිල්වා | |
| දිමුතු ප්‍රියංකර දෙරණගොඩ | |
| එල්. ජී. පී. බී. ලියන්ගස්කුබුර | |
| ඩබ්ලිව්. පී. එන්. ඩී. වීරසිංහ | |
| රවීන්ද්‍ර පුෂ්පකුමාර |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර පිළිබඳ තොරතුරු, ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර යනු කුමක්ද? ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර යනු කුමක් දර්ශනය කරන්නේ?