සංඛ්‍යාතය

මුල් පිටුව | සංඛ්‍යාතය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.

සංඛ්‍යාතය යනු පුනරාවර්ත සිදුවීමක ඒකක කාලයකදී සිදුවන සිදුවීම් ගණනයි. එය කාලික සංඛ්‍යාතය ලෙසින්ද හැඳින්වේ. මෙය වඩාත් විස්තරාත්මකව දැක්වුවහොත්, පුනරාවර්ත සිදුවීමක් යනු කාලයත් සමග නැවත නැවතත් සිදු

වන ක්‍රියාවලියකි. නිදසුනක් ලෙස නූලකින් එල්ලන ලද බරක් එක වරක් පැද්දූ විට එහි එහා මෙහා වීමේ චලිතය(සරල අවලම්භය) සැලකිය හැකිය. එහිදී භාරය නිරන්තරයෙන් එකම ආකාරයක චලිතයක් නැවත නැවත්ත් සිදු කරයි. ඒකක කාලය කැමති ලෙසකට පැයක්, විනාඩියක්, දවසක් වශයෙන් සැලකිය හැකි වුවත්, අන්තර්ජාතිකව සම්මත ඒකකය ලෙස තත්පරය සලකනු ලැබේ. දැන් පුනරාවර්ත සිදුවීම සහ ඒකක කාලය දන්නා බැවින්, සංඛ්‍යාතය නිදසුනකින් මෙසේ පැහැදිලි කල හැකිය. සරල අවලම්භය තත්පරයකට වට 2ක් සම්පූර්ණ කරන්නේ නම් එහි සංඛ්‍යාතය තත්පරයකට වට 2ක් යැයි කියනු ලැබේ. රෝදයක් තත්පරයකට වට 10ක් කැරකෙන්නේ නම් එහි සංඛ්‍යාතය තත්පරයකට වට 10කි.

භාවිතය

සංඛ්‍යාතය සාමාන්‍යය ජීවිතයේදී මෙන්ම, විද්‍යාවේදී තරංග හැසිරීම්, දෝලන, භ්‍රමණ ආදිය මැනීමට බහුලව භාවිතා වන්නකි. සාමාන්‍යයෙන් f අකුරෙන් ගණිත සමීකරණ වල සංඛ්‍යාතය දක්වනු ලැබේ. කාලය T අකුරෙන් නිරූපණය කරන අතර, සංඛ්‍යාතය කාලය සමඟ දක්වන සම්බන්ධය මෙසේ ලියා දැක්විය හැකිය.

f=1T{\displaystyle f={\frac {1}{T}}}

එනම්, සංඛ්‍යාතය යනු කාලයේ පරස්පරයයි. මෙහිදී වටයක් යන්න භෞතික රාශියක් නොවන බැවින් සමීකරණයට අයත් නොවේ. දැන් ඉහත නිදසුන් සමීකරණයට ගැලපෙන පරිදි ලියා දැක්වූ විට, පිලිවෙලින් සරල අවලම්භයේ සංඛ්‍යාතය 2s-1 හා රෝදයේ සංඛ්‍යාතය 10s-1 ලෙස වේ.(මෙහි s යනු තත්ත්පර වල සම්මත අක්ශරය වේ.) දැන් අප තවත් නිදසුනක් ගෙන පැහැදිලි කරමු. රෝදයක් තත්පර 5ක දී වට 20ක් කැරකුනේ යැයි සිතමු. එය සමීකරණයට මෙසේ ආදේශ කල හැකිය.

සංඛ්‍යාතය
තප්පර 60 කදී දෝලන 25 ක් සම්පූර්ණ කරන අවලම්බයක්. මෙහි සංඛ්‍යාතය 0.416 Hz වේ.
Common symbols
f, ν
SI unithertz (Hz)
Other units
  • තප්පරයකට වට - cycle per second (cps)
  • විනාඩියකට වට - revolution per minute (rpm or r/min)
In SI base unitsතප්පර - s−1
Derivations from
other quantities
  • f = 1 / T
DimensionT−1{\displaystyle {\mathsf {T}}^{-1}}
f=205s{\displaystyle f={\frac {20}{5s}}}

විසඳූ පසු,

f=4s−1{\displaystyle f=4s^{-1}}

එනම් සංඛ්‍යාතය තත්ත්පරයකට වට 4කි.

ඒකක

සංඛ්‍යාතයේ අන්තර්ජාතික සම්මත මිනුම් ඒකකය හර්ට්ස් (Hz) වේ. හෙයින්රිච් රුඩොල්ෆ් හර්ට්ස් නම් ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයා කරන ලද සේවය අගයනු වස් මෙම ඒකකය ඔහුගේ නමින් නම් කෙරින. ඒ අනුව ඉහත උදාහරණයේ තත්ත්පරයකට වට 4ක් යන්න 4Hz ලෙස ලියා දක්වනු ලැබේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සංඛ්‍යාතය පිළිබඳ තොරතුරු, සංඛ්‍යාතය යනු කුමක්ද? සංඛ්‍යාතය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.