බෝධිපාක්‍ෂික ධර්ම

බුදු දහමේ ඇති ලෝකෝත්තර ඥාණයන් ලැබීමට උපකාරවන ධර්මයන් පොදුවේ බෝධි පාක්‍ෂික ධර්ම ලෙස හැඳින්වේ. මේවා 37ක්ඇති අතර කොටස් 7කට බෙදේ.

සතිපට්ඨානය

සතිපට්ඨාන 4කි.

  1. කායානුපස්සනා සතිපට්ඨානය
  2. වේදනානුපස්සනා සතිපට්ඨානය
  3. චිත්තානුපස්සනා සතිපට්ඨානය
  4. ධම්මානුපස්සනා සතිපට්ඨානය

සම්මප්පධාන

සතර සම්‍යක්ප්‍රධාන වීරිය යනු,

1.නූපන් අකුසල් නූපදවීමට කරන වීරිය 2.උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරි ය 3.නූපන් කුසල් ඉපදවීමට කරන වීරිය 4.උපන් කුසල් වැඩිදියුණු කිරීමට කරන වීරිය

ඉඬිපාද

සතර ඉර්ධිපාද යනු,

ඡන්ද, චිත්ත, වීරිය, වීමංසා යන ඉර්ධිපාද වේ.

ඉන්ද්‍රිය

ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යනු පංච ඉන්ද්‍රිය ධර්ම වේ.

බල

ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යනු පංච බල වේ.

බොජ්ඣංග

සති, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සධි, සමාධි, උපේක්ඛා යනු සප්ත බොජ්ඣංග වේ

මග්ගංග

මාර්ගාංග අට/ආර්‍ය අෂ්ටාංගික මාර්ගය යනු,

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංග අටයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෝධිපාක්‍ෂික ධර්ම පිළිබඳ තොරතුරු, බෝධිපාක්‍ෂික ධර්ම යනු කුමක්ද? බෝධිපාක්‍ෂික ධර්ම යනු කුමක් දර්ශනය කරන්නේ?