හත්කෝරළේ

පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 7 කින් සමන්විත විය. මෙහි සීමා වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට තරමක් අනුරූපී වෙ.

උප බෙදීම්

මහනුවර යුගය

ඉහල දොළොස්පත්තුව

1. තිරගංදහය කෝරළේ
2. වෑඋඩ කෝරළේ
3. මාදුරු කෝරළේ
4. දෙගල්බොඩ කෝරළේ

පහල දොළොස්පත්තුව

5. කටුගම්පොල කෝරළේ
6. දේවමැද්දේ කෝරළේ
7. මාගල් කෝරළේ

ඉංග්‍රීසි යුගය

ඉංග්‍රීසීන් සිංහල රාජධානිය ගිවිසුමක් මගින් ලබාගත් පසු මෙම උප පාලන ඒකක පරිපාලන ඒකක බවට පත්කෙරිනි.

1. වෑඋඩවිල්ලි හත්පත්තුව

තිරගංදහය කෝරළේ, වෑඋඩ කෝරළේ සහ මාදුරු කෝරළේ එක්කර සාදන ලදී
වෑඋඩවිල්ලි හත්පත්තුව පහත කොට්ඨාශ වලින් සමන්විත වේ.
  • තිරගම් දහය
  • ගම් දහය
  • ගම් නවය
  • වෑ උඩ
  • හේවාවිස්ස
  • මාදුරේ ඉහළ විසිදෙක

2. හිරියාල හත්පත්තුව

දෙගල්බොඩ කෝරළේ නම වෙනස්කිරීමෙන්

3. කටුගම්පොල හත්පත්තුව

කටුගම්පොල කෝරළේ නම වෙනස්කිරීමෙන්
කටුගම්පොල හත්පත්තුව පහත කෝරළ වලින් සමන්විත වේ.
  • රැකෝ පත්තුව
  • උඩපොල මැදලස්ස
  • උඩපොළ ඕතොට
  • මැද්දේකැටිය කටුගම්පොල
  • කටුගම්පොල මැද පත්තුව
  • පිටිගල් කෝරළය
  • යටිකහ සහ අංගමු කෝරළය

4 දේවමැදි හත්පත්තුව

දේවමැද්දේ කෝරළේ නම වෙනස්කිරීමෙන්
  • දේවමැදි උඩකහ
  • දේවමැදි ගම් දහය
  • ගිරිතලාන් බලදොර ගම් දහය
  • කිනියම
  • දේවමැදි
  • දේවමැදි වලගම්පත්තුව
  • කප්පරගම සහ යගම්පත්තු කෝරළය
යන කෝරළ වලින් දේවමැදි හත්පත්තුව සෑදී ඇත.

5. වන්නි හත්පත්තුව

මාගල් කෝරළේ නම වෙනස්කිරීමෙන්
වන්නි හත්පත්තුවේ කෝරළ
  • මගුල් මැද
  • ගං දහය
  • මගුල් ඕතොට
  • හතලිස් පහ
  • ගං තිහ
  • පහල විසි දෙක සහ ඔයෙන් එගොඩ කෝරළය

විශේෂ කරුණු

දඹදෙණි හත්පත්තුව වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වුවද අතීත සත්කෝරළයට අයත්ව තිබී නැත.

ආශ්‍රිත ලිපි

වැඩිදුර කියවීම්

  • Journal of Dutch Burgher Union of Ceylon, July 1935

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හත්කෝරළේ පිළිබඳ තොරතුරු, හත්කෝරළේ යනු කුමක්ද? හත්කෝරළේ යනු කුමක් දර්ශනය කරන්නේ?