මෙම ලිපිය හෝ ලිපි කොටස සිංහල සන්ධි වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) |
සන්ධි සිංහල භාෂාවේ වචන වල උච්චාරණය පහසු විම සදහා නිසි ලෙස වචන එක් වී ගැළපීම සන්ධි නම් වේ. සිංහල භාෂාවේ සන්ධි වර්ග 10කි.
ස්වර සන්ධිය
පළමුවැනි පදයේ අග ගාත්‍රක්ෂරය (හල් අකුර) හා දෙවෙනි පදයේ මුල් ස්වරය එක් වී පද ගැළපීම ස්වර සන්ධිය නම් වේ.
උදා - මල්+අසුන = මලසුන නිල්+අඹර = නිලඹර නිල්+උපුල් = නිලුපුල්
පුර්වස්වර ලෝප සන්ධිය
පළමුවන පදයේ අග අකුර ලොප් වි (ඉවත් වී ) ඉතිරි ගාත්‍රක්ෂරය(හල් අකුර) හා දෙවෙනි පදයේ මුල් ස්වරය හා එකට ගැළපීම පුර්වස්වර ලෝප සන්ධිය නම් වේ.
උදා - දන්ත+ආලේප (දන්+ත්+අ+ආලේප) = දන්තාලේප උත්තම+ආචාර (උත්ත+ම්+අ+ආචාර) = උත්තමාචාර
පරස්වර ලෝප සන්ධිය
සන්ධි වන පද දෙකෙන් දෙවෙනි පදයේ මුල් ස්වරය ලොප් වී (ඉවත් වී ) පද ගැළපීම පරස්වර ලෝප සන්ධිය නම් වේ.
උදා - ගුරු+උතුමා = ගුරුතුමා සුර+අඟන = සුරඟන හබර+අල = හබරල ජන්ම+උත්සවය=ජන්මත්සවය / ජන්මෝත්සවය ද
ස්වරාදේශ සන්ධිය
පළමුවැනි පදයේ අග ස්වරයත් දෙවැනි පදයේ මුල් ස්වරයත් යන දෙක ම වෙනුවට වෙනත් ස්වරයක් අලුතෙන් ආදේශ කිරීමෙන් පද ගැළපීම ස්වරාදේශ සන්ධිය නම් වේ.
උදා - ජාතික+අභිමානය - ජාතික්+අ+අභිමානය (ආ) = ජාතිකාභිමානය වීර+උදාර - වීර්+අ+උදාර(ඹ) = වීරෝදාර
දංකඩ යන සන්ධි පදය විසන්ධි කිරිම පළමුපදයේ අග ගාත්‍රාක්ෂරය (හල් අකුර) ස්වරය සමග ලොප් වී(ඉවත් වී) අර්ධ අනුනාසිකය පුර්ණ අනුනාසිකයක් බවට පත්විමෙන් පද ගැළපීම ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය නම් වේ.
උදා - කෙළොඹ+තොට (කො ළො+ඹ+අ+තොට) = කොළොම්තොට තඹ+පලා (ත+ඹ+අ+පලා) = තම්පලා
ගාත්‍රාදේශ සන්ධිය
පළමුවැනි පදයේ අග ගාත්‍රාක්ෂරය (හල් අකුර) හෝ දෙවෙනි පදයේ මුල් ගාත්‍රාක්ෂරය (හල් අකුර) හෝ ලොප් වි (ඉවත් වී) වෙනත් ගාත්‍රාක්ෂරයක් (හල් අකුරක්) අලුතෙන් ආදේශ වීමෙන් (පැමිණීමෙන් )පද ගැළපීම ගාත්‍රාදේශ සනිධිය නම් වේ.
උදා - පිළි+කම් (පිළි+ක්+අ+ම්) ක් තැනට ය් ආදේශ වීමෙන් = පිළියම් සිත්+කරු (සිත්+ක්+අ+රු) = ක් තැනට අ ආදේශ වීමෙන් = සිත්තරු
ආගම සන්ධිය
පළමුවැනි පදයේ අග ස්වරය ලොප් නොවී (ඉවත් නොවී) දෙවැනි පදයේ මුල් ස්වරය වෙත ගාත්‍රාක්ෂරයක් (හල් අකුරක්) අලුතෙන් ආදේශ වීමෙන් (පැමිණිමෙන්) පද ගැළපීම ආගම සන්ධිය නම් වේ.
උදා - කටු+අල කටු+වි+අල = කටුවල නි+අවුල් නි+ර්+අවුල් = නිරවුල් නො+එක් නො+ය්+එක්(ය්) නොයෙක්
පුර්වරූප සන්ධිය
පළමුවැනි පදයේ අග ගාත්‍රාක්ෂරයේ (හල් අකුරේ)ස්වරැපය ම (හැඩයම) දෙවෙනි පදයේ මුල් ගාත්‍රාක්ෂරය ද ගැනිමෙන් පද ගැළපීම පුර්වරූප සන්ධිය නම් වේ.
උදා - සිත්+කම් = සිත්තම් කම්+හල = කම්මල
පරරූප සන්ධිය
දෙවෙනි පදයේ පළමුවැනි ගාත්‍රාක්ෂරයේ (හල් අකුරේ) ස්වරැපය ම (හැඩය ම) පළමුවැනි පදයේ අග ගාත්‍රාක්ෂරය ද (හල් අකුර ද ) ගැනීමෙන් පද ගැළපීම පරරැප සන්ධිය නම් වේ.
උදා - අත්+ලස් = අල්ලස් දුක්+පත් = දුප්පත් කොක්+ගල = කොග්ගල
ද්විත්ව රැප සන්ධිය
පළමුවැනි පදයේ අග ස්වරය ලොප් වි (ඉවත් වි) ඉතිරි ගාත්‍රාක්ෂරය(හල් අකුර) දෙකක් බවට පත් වී ඉන් එක් ගාත්‍රාක්ෂරයක් (හල් අකුරක්) දෙවැනි පදයේ මුල් ස්වරය සමඟ එක්විමෙන් පද ගැළපීම ද්විත්වරැප සන්ධිය නම් වේ.
උදා - වක්+අත්ත (වක්+ක්+අත්ත) = වක්කත්ත කොස්+ඇට (කොස්+ස්+ඇට) = කොස්සැට
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සන්ධි පිළිබඳ තොරතුරු, සන්ධි යනු කුමක්ද? සන්ධි යනු කුමක් දර්ශනය කරන්නේ?