ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය ත්‍රිකුණාමලයේ ස්ථාපනය කොට තිබේ. එය 16 වන ශතවර්ශයෙහි ලන්දේසීන් මෙරටට පළමුව ගොඩබෑ ස්ථානය සේ සැළකෙන ත්‍රිකුණාමලය බලකොටුවට ආසන්නව ඉදි කොට ඇත.
කෞතුකාගාර ගොඩනැගිල්ල | |
| පිහිටුවීම | 3 පෙබරවාරි 2013 |
|---|---|
| පිහිටීම | ලැවෙන්ඩර් මාවත, ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 8°34′11.3″N 81°14′14.8″E / 8.569806°N 81.237444°E |
| වර්ගය | සමුද්‍ර කෞතුකාගාරය |
| වෙබ් අඩවිය | http://www.navy.lk/ |
ශ්‍රී ලංකාවේ 65වන නිදහස් සැමරුම් වලට සමගාමීව 2013 වර්ෂයේ පෙබරවාරි 3 වන දිනදී මෙම කෞතුකාගාරය එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී. රටෙහි සමුද්‍රීය ඉතිහාසය, ජෙෙවවිවිධත්වය හා නාවුක සම්බන්ධතා පිළිබදවත්, වෙනත් නාවුක ක්ෂේත්රය හා සබැදි වස්තූන් ආදියත් මෙම කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබේ.
කෞතුකාගාර ගොඩනැගිල්ල
වර්ෂ 1602 සිට 1795 දක්වා වූ ලන්දේසි යටත් විජිත සමයේදී ඕලන්ද නාවුක කොමසාරිස්වරයාගේ නිල නිවාසය ලෙස සහ වර්ෂ 1795 සිට 1948 දක්වා නාගරික කොමසාරිස්වරයාගේ නිල නිවාසය භාවිතයට ගත් 17වන සියවසට අයත් ගොඩනැගිල්ලක මෙම කෞතුකාගාරය පිහිටුවා තිබේ. කෞතුකාගාරය පිහිටුවනු වස්, කලක් අත්හැරදමන්නට යෙදී තිබුණු මෙම ගොඩනැගිල්ල නෙදර්ලන්ත රජයේ ආධාර මත යලි ප්‍රථිසංස්කරණය කොට සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙන අතර ගොඩනැගිල්ලෙහි සංරක්ෂණ කටයුතු ශ්‍රී ලංකා පුරාවිද්‍යා සහ කෞතුකාගාර දෙපාර්තමේන්තු විසින් අධ්‍යක්ෂණය කොට තිබේ.
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ලැයිස්තුව
- සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල
- කොළඹ වරාය සමුද්‍ර කෞතුකාගාරය
මූලාශ්‍ර
- "මැරිටයිම් ඇන්ඩ් නේවල් හිස්ට්‍රි මියුසියම්, ට්රිංකොමලී". ඊස්ටර්න්ශ්රීලංකා. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2016.
- "ප්‍රසිඩන්ට් ඉනොගුරේට් මැරිටයිම් මියුසියම් ඉන් ට්රිංකොමලී". vivalanka.com. 3 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2016.
- "මැරිටයිම් ඇන්ඩ් නේවල් මියුසියම් ඉන් ට්රිංකොමලී ඕපන්ඩ්". itnnews.lk. 9 මැයි 2014. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2016.
- "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් ඕපන් නේවල් ඇන්ඩ් මැරිටයිම් මියුසියම් ඉන් ට්රිංකොමලී". colombopage.com. 3 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය, ත්‍රිකුණාමලය පිළිබඳ තොරතුරු, සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය, ත්‍රිකුණාමලය යනු කුමක්ද? සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය, ත්‍රිකුණාමලය යනු කුමක් දර්ශනය කරන්නේ?