සමුද්‍රදේවී කුමරිය කොට්ටේ රජකළ හත්වන බුවනෙකබාහු රජගේ දියණියයි.ඉතා රූමත් රජ කුමරියක වූ ඇයට විවාහවන වයසට පත්වන විට රජකුමාරවරුන් ගෙන් නිතර විවාහ යොජනා ගලා ආහ.කෙසේ වෙතත් පිය රජුගේ අභිප්‍රාය වූයේ කුමරිය ජයෝබණ්ඩාර කුමරුට විවාහ කර දීමටයි.එහෙත් දේවි කුමරියගේ සිත දිනාගෙන තිබුනේ ඇගේ ඇවැස්ස මස්සිනා කෙනකු වූ වීදිය බණ්ඩාර කුමරුටය.මෙම හේතුව නිසා ජයෝබණ්ඩාර කුමරු හා වීදිය බණ්ඩාර කුමරු අතර සටනක්ද ඇතිවිය.එයින් වීදිය බණ්ඩාර කුමරු ජයගත් අතර පසුව වීදිය බණ්ඩාර කුමරු පියරජුගේ සිත දිනාගෙන සමූද්‍රදේවි කුමරිය ආවාහ කරගැනීමට හැකිවිය.මොවුන් දෙදෙනාට.මොවුන් දෙදෙනාට ධර්මපාල නමින් පුතෙකු ද ලැබිනි.පසු කලෙක ලංකාවේ ප්‍රතම කතොලික රජු ලෙස රජ්‍යත්වයට පත්වන්නේ මෙම කුමරුය.ඒ දොන් ජුවන් ධර්මපාල රජ යන නමිනි.
වීදිය බණ්ඩාර කුමරු භුවනෙකභාහු රජුගේ මහසෙනෙවි ලෙස කටයුතු කළේය.වරක් කැරැල්ලක් මැඩපැවැත් වීමට දුර බැහැර ගිය වීදිය බණ්ඩාරට සමූද්‍රෙද්වි කුමරිය හා පෘතුගීසි හේවායකු වූ දියෝගෝද අරවුජෝ සමග අනියම් සම්බන්ධයක් ඇතිවූ බව කටකතා ඇසුරින් දැනගන්නට ලැබිණ.මෙම නිසා වීදිය බණ්ඩාර කුමරු තුල සමූද්‍රෙද්වී කුමරිය පිළිබද සැකයක් ඇතිවිය.මෙම සැකය පැතිරී ගිය කටකතා නිසා තවන් වර්ධනය විය.දිනක් තම දේවිය දියවන්නා ඔය අසළට රැගෙන විත් ඇයව දියවන්නා ඔයට තල්ලු කර මරා දැමූබව සදහන් වේ.මෙම සදුවීම වීදිය බණ්ඩාර කුමරු තුල ඇතිවූ අහේතුක සැකයක් නිසා සිදුවූබව කියැවේ.
| සමුද්‍රදේවි කුමරිය | |
|---|---|
| කෝට්ටේ කුමරිය | |
| භූමදානය | කෝට්ටේ |
| වල්ලභයා | වීදිය බණ්ඩාර |
| දරුවන් | දොන් ජුවන් ධර්මපාල රජු විජයපාල බණ්ඩාර |
| පියා | හත්වන භුවෙනෙකබාහු රජු |
මූලාශ්‍ර
- මිහිර(2006)එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (44 කාණ්ඩය)ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කාන්තාවෝ ඒ.ඩී ප්‍රියංගිකා
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමුද්‍රදේවි කුමරිය පිළිබඳ තොරතුරු, සමුද්‍රදේවි කුමරිය යනු කුමක්ද? සමුද්‍රදේවි කුමරිය යනු කුමක් දර්ශනය කරන්නේ?