ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව

මුල් පිටුව | ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව

ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව (ඉංග්‍රීසි:Strongman) යනු බටහිර ලෝකයේ රටවල් අතර ප්‍රචලිත කාය ශක්තිය මනිනු ලබන ඉතා අසීරු ක්‍රීඩාවකි. 'ලොව ශක්තිමත්ම මිනිසා', 'ලොව අසහායම ශක්තිමත්ම මිනිසා' සහ 'ආර්නල්ඩ් ස්ට්‍රෝංමෑන් ක්ලැසික්' යන තරඟ තුන මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී. වර්ෂ 1977දී ඇරඹි ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව මේ වනවිට රටවල් 50ක පමණ ප්‍රචලිතව ඇත. ක්‍රීඩකයන් කාය වර්ධනය සහ දැඩි පුහුණුවීම් තුලින් මෙම ක්‍රීඩාවට අවැසි ශාරීරික යෝග්‍යතාව සකසාගනී. දිනකට විශාල ආහාර ප්‍රමාණයක්ද මෙම ක්‍රීඩකයන් පරිභෝජනය කරනු ලබයි.

ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව අංග කිහිපයකින් සමන්විත් වෙයි. ඉන් සමහරක්: සවි එසවීම (ඩෙඩ්ලිෆ්ට්, ස්කොට්, බෙන්ච් ප්‍රෙස්), විශාල ලී කඳන් හෝ ඇක්සලයක් එසවීම, දැවැන්ත කලුගල් එසවීම සහ රැගෙනයාම, යකඩ නැමීම, අතෙහි ග්‍රහණ බලය ආශිත එසවීම්, බීර කෙග් හෝ වැලි-පැස විසිකිරීම, හයිලන්ඩ් ක්‍රීඩා, අතිශය බර වාහන ඇදගෙන යාම යනාදිය වේ.

ලොව විශිෂ්ඨතම ස්ට්‍රෝංමෑන් ක්‍රීඩකයින් පහතින් දක්වා ඇත. ඔවුන් පිට පිට ලෝක ශූරතා රැසක් ජයග්‍රහණය කරඇති අතර, නොයෙකුත් ලෝක වාර්තාද පිහිටුවා ඇත.

  • හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් (අයිස්ලන්තය), උස: අඩි 6 අඟල් 9, බර: කිලෝග්රෑම් 200-210
  • සිඩෲනස් සැවිස්කස් (ලිතුවේනියාව), උස: අඩි 6 අඟල් 3, බර: කිලෝග්රෑම් 170-187
  • බ්‍රයන් ෂෝ (ඇමෙරිකා එක්සත් ජනපදය), උස: අඩි 6 අඟල් 8, බර: කිලෝග්රෑම් 190-206
  • මැරියස් පුඩ්සනොව්ස්කි (පෝලන්තය), උස: අඩි 6 අඟල් 1, බර: කිලෝග්රෑම් 134-142
  • බිල් කැස්මයර් (ඇමෙරිකා එක්සත් ජනපදය), උස: අඩි 6 අඟල් 3, බර: කිලෝග්රෑම් 145-152
  • ජෝන් පෝල් සිග්මාසන් (අයිස්ලන්තය), උස: අඩි 6 අඟල් 4, බර: කිලෝග්රෑම් 132-151
  • මැග්නස් වර් මැග්නුසන් (අයිස්ලන්තය), උස: අඩි 6 අඟල් 3, බර: කිලෝග්රෑම් 129-142
  • මැග්නස් සැමුවෙල්සන් (ස්වීඩනය), උස: අඩි 6 අඟල් 7, බර: කිලෝග්රෑම් 148-154
  • ස්වෙන්ඩ් කාර්ල්සන් (නෝර්වේ), උස: අඩි 6 අඟල් 2, බර: කිලෝග්රෑම් 135-145
  • යූකෝ අහෝලා (ෆින්ලන්තය), උස: අඩි 6 අඟල් 0, බර: කිලෝග්රෑම් 125-136
  • ජෙෆ් කේප්ස් (මහා බ්‍රිතාන්‍යය), උස: අඩි 6 අඟල් 5, බර: කිලෝග්රෑම් 141-170
  • මාර්ටීන්ස් ලීසීස් (ලැට්වියාව), උස: අඩි 6 අඟල් 2, බර: කිලෝග්රෑම් 148-166
  • ඔලෙක්සි නෝවිකෝව් (යුක්‍රේනය), උස: අඩි 6 අඟල් 1, බර: කිලෝග්රෑම් 125-140
  • මිචෙල් හූපර් (කැනඩාව), උස: අඩි 6 අඟල් 3, බර: කිලෝග්රෑම් 140-150

මූලාශ්‍ර

  1. ස්ට්‍රෝංමෑන්.ඕර්ග් - මූලිකාංග https://strongman.org/events/
  2. මිහිමත පහළවූ ශක්තිමත්ම මිනිසුන් පස්දෙනා https://www.sportskeeda.com/health-and-fitness/news-top-five-strongest-men-history
  3. ලොව ශක්තිමත්ම මිනිසා "Top 10: Greatest Worlds Strongest Man". ලෝරනස් ශහේලි. 15 September 2019.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව පිළිබඳ තොරතුරු, ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව යනු කුමක්ද? ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.