ස්වභාවාදය

ස්වභාවාදය හෙවත් නග්නවාදය යනු බොහෝ සෙයින් පෞද්ගලික දේපල වලදී සමාජීය නග්නත්වයෙහි යදෙන, දිරිගන්වන සහ එය ආරක්ෂා කරන, සංස්කෘතිකමය සහ දේශපාලනිකමය ව්‍යාපාරයකි. මෙම පදය පෞද්ගලික, පවුල් සහ/හෝ සමාජීය නග්නත්වය පාදක කරගත් දිවිපැවැත්මක් ගැන කතා කීරීමටද යොදා ගනී.

ස්වභාවාදය සහ නග්නවාදය යන පද දෙකම බොහෝවිට පොදුවේ එකම අදහසක් ගැන කතා කිරීමට යොදා ගත්තද, ස්වභාවාදය තුලදී බොහෝ සෙයින් ස්වභාව වාදය සහ/හෝ අධ්යත්මවේදය පිළිබද අදහස් ද පිළිපදින අතර, නග්නවාදය තුලදී බොහෝවිට එවැනි දේ විශ්වාස නොකෙරේ. මේවායෙහි සුවිශේෂත්වය වන්නේ මේවා බොහෝවිට කිසිසේත්ම ලිංගිකත්වය පාදක කොට නොගත්, වයස් හෝ ලිංග භේද වලින් තොරව නග්න මිනිස් සිරුර ස්වභාවික තත්වයක් ලෙස පමණක් සලකනු ලබන ළමුන් ඇතුළු පවුලේ සැමට එකට සහභාගී විය හැකි ඒවා වීමය.

ව්‍යාප්තිය සහ ප්‍රවණතා

ස්වාභාවාදීන් හෝ නග්නවාදීන් බොහෝවිට තම නිවෙස් තුල, නග්නත්වය පිළිගත් හෝ ඒ සදහාම වෙන්කරන ලද වෙරළවල්, නිකේතන හෝ කදවුරු තුල හෝ නග්න නගර හෝ ගම්මාන තුලදී සෞකයමය, විනෝදාත්මකමය හෝ වෙනත් විවිඩ අභිරුචි සහ ප්‍රතිලාභ හේතුවෙන් ස්වභාවාදයෙහි හෝ නග්නත්වයෙහි යෙදෙයි. මෙවැනි නිකේතන සහ වෙරළ තීරවල් නූතනයේ ඉතා ආකර්ශනීය නිවාඩු ප්‍රවනතාවයන් බවට ශ්‍රීග්‍රයෙන් පත්වීගෙන එන හෙයින් විශේෂයෙන්ම නග්නත්වය ඉතාමත්ම ප්‍රචලිතව පවතින යුරෝපානු සහ ඇමෙරිකානු රටවල මේවාට දේශීය සහ විදේශීය සංචාරකයින්ගෙන් දැඩි ඉල්ලුමක් හටගනිමින් පවතී.

කෙසේ වෙතත් මේ ආකාරයේ දිවිපැවත්මවල් සහ ව්‍යාපාර ලොව පුරා විවිධ රටවල් තුල ව්‍යාප්ත ව්‍ තිබුනද විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියාතික රටවල් තුල දැනට තහනම්ය. එසේ වූවද, මෙවැනි තහනම් කරන ලද බොහෝ රටවල් තුල පසුගිය සියවස් දෙකකට පමණ මත්තෙන් නග්නත්වය පිළිබදව ඉතා යහපත් ආකල්ප පැවත තිබීමද සුවිශේෂය.

ස්වාභාවාදීන්: එදා සහ අද

සටහන්

යොමු

ශාස්ත්‍රීය

  • Choin, Mireille (2002). World Handbook Naturisme 2002 - 2003. International Naturist Federation. ISBN 978-90-5583-833-2.{{cite book}}: CS1 maint: ref duplicates default (link)

අඩවියෙන් බැහැර පිටු

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
නග්නත්වය

ජාතික සංවිධාන

  • ජාත්‍යන්තර ස්වභාවාදී සම්මේලනය (අයිඑන්එෆ්-එෆ්එන්අයි)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්වභාවාදය පිළිබඳ තොරතුරු, ස්වභාවාදය යනු කුමක්ද? ස්වභාවාදය යනු කුමක් දර්ශනය කරන්නේ?