සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය යනු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ පාසලකි.
| සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය | |
|---|---|
| ස්ථානය | |
| තොරතුරු | |
| වර්ගය | රජයේ ජාතික පාසලකි. |
| ආදර්ශ පාඨය | Not for Self, But for All. (තමන්ට නොව, නමුත් සැමට) |
| වර්ණ(ය) | Red and Yellow |
ඉතිහාසය
සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය 1885 ජූලි 02 දින ආරම්භ කළ බව සඳහන්වේ. ඒ අනුව 2010 ජූලි 02 දින වන විට වසර 125 ක් සපිරෙයි. මිෂනාරි පාසලක් ලෙස මෙම පාසල ආරම්භ කිරීමට මූලිකව කටයුතු කරමින් පුරෝගාමී වූයේ ජෝන් ස්ටීවන්සන් ලයිලි පියතුමාය. 1885 වසරේ ආරම්භක විදුහල්පතිනිය වුයේ කැලැන්ඩර් මැතිනියයි. ඉන්පසුව බොයිටන්, ලැබරේයි, බුල්ජන්ස්, මොයිරා යන විදුහල්පතිනියන්ගේ කාලවලදී මෙම විදුහලට උදාර මෙහෙයක් සිදු කළ බව සඳහන්වේ.
1926-1929 දක්වාත් 1932-1938 දක්වාත් විදුහල්පතිනිය වූයේ එඩා මේරි කන්‍යා සොහොයුරියයි. එම කාලය එතුමියගේ පරිත්‍යාගශීලී භාවයත් හා අවංක කැපවීමත් නිසා තෝමසු බාලිකාවන්ගේ යහපැවැත්මත්, උසස් අධ්‍යාපනයත් මැනවින් ඔප මට්ටම් වූ බව සඳහන් වී ඇත.
1938 සිට පාලනය ගෙන ගියේ එස්.සමරසිංහ මැතිනියයි. එතුමිය ප්‍රථම සිංහල විදුහල්පතිනිය විය. මෙකල බිහිසුණු II ලෝක සංග්‍රාමය සිදු වූ කාලයයි. මෙකල බාලිකාවන්ගේ පූර්ණ ආරක්ෂාවත්, අධ්‍යාපනය ලබාදීමත් පාසල මගින් ඉතා විශිෂ්ට ලෙස ලබා දෙන ලදි. 1904 දී එච්. විජේරත්න මැතිනිය විදුහල්පතිනිය බවට පත්විය.
සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය මුල් පිහිටි භූමිය වූයේ දැනට සාන්ත තෝමස් කුමර විදුහල පිහිටි භූමියේය. පළමුවෙන්ම මොහොට්ටි මුදලි ගුණරත්න මැතිතුමා විසින් පාසල් ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරන ලදි. මේ අනුව කැලැන්ඩර් මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කළ අතර නේවාසිකාගාරය, නිල නිවස හා පාසල එකම ස්ථානයක පැවැත්වීය.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතර දෙනෙකුගෙන් ආරම්භ වූ පාසලේ මුල්ම දරු පිරිස වූයේ එලන් බණ්ඩාරනායක , ඇලිස් සෙනවිරත්න,ජෝර්ජියා ද සේරම්, එච්.ඩී. ගුණරත්න යන අයයි. පසුව වාසල මුදලි, එම්.ආර්.එච්. පෙරේරා මැතිතුමා විසින් කරවන ලද “MIZPAH” නම් මන්දිරයෙනි. 1890 -1912 දක්වා කාලය තුල සාන්ත තෝමස් බාලිකා විදුහල ස්ථාන ගත කරන ලදි. එය දැනට රුහුණු විශ්ව විද්‍යාලය ස්ථාන ගත වී තිබෙන “වැල්ලමඩම” නම් ප්‍රදේශය බව සැලකේ. අනතුරුව “Daisy Villa” හි බ්‍රෝඩ්වේ මන්දිරය අසල පාසල පැවැත් වූ බව සඳහන්වේ. ඒ අවධිය වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 ක් ඉගෙනුම ලැබුහ. පසු කාලයකදී මෙම ස්ථානය විකුණා දැමු බැවින් දැනට තිබෙන ස්ථානයට, එනම් වල්පොල ප්‍රදේශයට ගෙන එන ලදි.
1961 වර්ෂය විශේෂිත වූවකි. සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය රජයට පවරා ගන්නා ලදි. නිදහස් අධ්‍යාපනයේ ආරම්භයත් සමඟම මවුබසින් අධ්‍යාපනය ලබාදීම කළ යුතු නිසා ඒ සමඟම පාසල් පරිපාලනය වෙනස් විය.
විදුහලේ උන්නතියට කැප වී ක්‍රියා කළ මෑත කාලීන විදුහල්පතිනියන් වූ එච්. විජේරත්ත, සෝමා කුමාරි සමරසිංහ, ඔල්ගා බුල්ජන්ස්, වී.බුද්ධප්‍රිය හා එච්.එල්.බී.වී. ජයවීර මැතිනිය ද මෙහිලා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. අධ්‍යාපනික වශයෙන් පාසල ඉතා ඉහළ තලයකට ගෙන ඒමට මෙම සියලු විදුහල්පතිනියන් කැප වී ක්‍රියා කළ බව සඳහන් කළ යුතුය. වර්තමානයේ පාසල අතිමහත් ජනප්‍රියත්වයට හා ගෞරවයට පාත්‍ර වී ඇත්තේ වත්මත් විදුහල්පතිනිය ආර්.එස්. පතිරණ මැතිනියගේ හා ගුරු මණ්ඩලයේ කැපවීම තුලිනි.
අද සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය
විදුහල්පතිවරු
| Period | Name | |
|---|---|---|
| 1st | – | Mrs. |
සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයීය ආදී ශිෂ්‍යයාවන්ගේ සංගමය)
පාසල් ගීතය
ශ‍්‍රී ලක් මාතා නළල් තෙලේහි
කුංකුම තිලකය මනහාරී
මාතර පුරවර හී ලොව පූජිත
සාන්ත තෝමස් බාලිකා විදුහල
ශ‍්‍රී ලක් මාතා... //
විද්‍යා, වාණිජ කලාව ආදි
සිප්කිරි දහරින් අප පණ ගන්වන
ලෝක ශාන්තිය සලසන සැමදා
සාන්ත තෝමස් අප මාතා
ශ‍්‍රී ලක් මාතා... //
ඥාණ වීර්ය බල විනය ගරුක වූ
පුරවැසියන් රට දැය සමයට දෙන
ජීවය කරගත් ශීර්ෂ පාඨය
මට නොව අනුනට සේවය සලසන
ශ‍්‍රී ලක් මාතා... //
සාන්ත තෝමස් බාලිකා විදුහල්
මාතාවනි අනුනට සේවය සලසන
තව තව අපහට ආලෝකය දී
ජයතු ජයතු ජය වේවා !
ජයතු ජයතු ජය වේවා !
ජයතු ජයතු ජය වේවා !
විද්‍යාලයීය නිවාස
විද්‍යාලයීය නිවාසවල නම් අකාරාදී පිළිවෙලට ලැයිස්තු ගත කර ඇත.
- එමතිස්ට් වර්ණය : දම්
- එමරල්ඩ් වර්ණය : කොළ
- රූබී වර්ණය : රතු
- සෆායා වර්ණය : නිල්
විද්‍යාලයීය නිවාසවල නම් සඳහා පාදක වී ඇත්තේ වටිනා මැණික් ගල් විශේෂ කිහිපයක නම් වේ.
ක්‍රීඩා
බොහෝ තෝමසු බාලිකාවන් ක්‍රීඩා සඳහා දැඩි උනන්දුවක් දක්වති.[තහවුරු කර නොමැත].
|
|
|
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය පිළිබඳ තොරතුරු, සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය යනු කුමක්ද? සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?