සිංහල රාජාණ්ඩුව

ශ්‍රී ලංකා දිවයිනට උතුරු ඉන්දියානු ඉන්දු-ආර්ය සංක්‍රමණිකයන් පැමිණ ජනාවාසකරණය වීමත් සමගම සිංහල රාජාණ්ඩුවෙහි සම්භවය ඇතිවිය. . දිවයිනෙහි සාම්ප්‍රදායික වංශකථාවන් වන දීපවංශය, මහාවංශය සහ චූලවංශය, සහ පසුකාලීන වංශකථාවන් පරිදී, ඉන්දියානු කුමාරයෙකු වූ විජය කුමරු (ක්‍රිපූ 543–505) සහ ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙක් ශ්‍රී ලංකා දිවයිනට ගොඩබැස, තම්බපණ්ණි රාජධානිය පිහිටුවීම සිදුවූ ක්‍රිපූ 543 සමගම පළමුවන සිංහල රාජධානිය පිහිටුවීම සිදුවිය. සිංහල පුරාණෝක්ති ප්‍රකාර, විජය කුමරු සහ ඔහුගේ අනුගාමික පිරිස සිංහල ජනයාගේ මුතුන් මිත්තෝ බව පැවසෙයි.

සිංහල රාජධානියෙහි රජ
පූර්ව රාජාණ්ඩුව
1815 දී මහනුවර රජුගේ රාජකීය ධජය
පළමුවන සිංහල රජු විජයගේ ඔටුනු පැළඳීම
පළමු රජ විජය
අවසන් රජ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
නිල නිවහන තම්බපණ්ණි, අනුරාධපුරය, පුලත්තිනගර,පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, කෝට්ටේ, මහනුවර
රාජාණ්ඩුව ඇරඹීම ක්‍රිපූ 543
රාජාණ්ඩුව අවසන් වීම 1815


සටහන්

  1. මෙය වඩාත් පෘථුල දිනයයි.

ආශ්‍රිත

  1. "අනුරාධපුර". www.palikanon.com. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2013.
  2. මිට්ටල් (2006) පි 405
  3. "483 බීසී – එරයිවල් ඔෆ් ආර්යන්ස් ටු ශ්‍රී ලංකා". scenicsrilanka.com. සම්ප්‍රවේශය 2009-11-06.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල රාජාණ්ඩුව පිළිබඳ තොරතුරු, සිංහල රාජාණ්ඩුව යනු කුමක්ද? සිංහල රාජාණ්ඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?