සිට්ඩ්ජෙහුටි හෙවත් සැටිබු (හෝ සැට්‍ඩ්ජෙහුටි; “තොත්ගේ දියණිය”) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පසුකාලීන දාහත්වන රාජවංශයේ විසූ කුමරියක් මෙන්ම රැජිනකි. ඇය සෙනඛ්ටෙන්රේ අහ්මෝස් පාරාවෝවරයාගේ සහ ටෙටිෂෙරි රැජිනගේ දියණියයි. ඇය සිය සොහොයුරා වූ සෙකෙනෙන්රේ ටාඕගේ භාර්යාව ද විය. එසේම ඇය අහ්මෝස් කුමරියගේ මෑණියන් ද වේ.
| සිට්ඩ්ජෙහුටි රූපාක්ෂර වලින් | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සැට්ඩ්ජෙහුටි Sꜣt Ḏḥwty තොත්ගේ දියණිය | ||||||||||||
| සිට්ඩ්ජෙහුටි | |
|---|---|
| ඊජිප්තුවේ අගබිසව | |
සිට්ඩ්ජෙහුටිගේ වෙස්මුහුණ | |
| වල්ලභයා | පාරාවෝ සෙකෙනෙන්රේ ටාඕ |
| දරුවන් | අහ්මෝස් |
| රාජවංශය | 17වන රාජවංශය |
| පියා | සෙනඛ්ටෙන්රේ |
| මව | ටෙටිෂෙරි |
දිවිය
සිට්ඩ්ජෙහුටි යනු සෙනඛ්ටෙන්රේ අහ්මෝස් පාරාවෝවරයාගේ දියණිය වූ අතර, ඇය සෙකෙනෙන්රේ ටාඕ පාරාවෝවරයාගේත්, ආහොටෙප් සහ අහ්මෝස් ඉන්හපි රැජිනියන්ගේත් සොයුරිය වූවා ය. ඇය ඇගේ (අර්ධ-) සොයුරා වූ සෙකෙනෙන්රේ-ටාඕ සමග විවාහ වූවා ය. ඔහුට දාව ඇයට අහ්මෝස් නැමැති දියණියක විය. ඇගේ මිනීපෙට්ටියේ සඳහන් වන්නේ ඇය ටෙටිෂෙරිගේ දියණියක බව ය. ඇගේ අනෙක් නාමය සැටිබු ලෙස දැක්වේ.
පදවි
සිට්ඩ්ජෙහුටිගේ පදවි නාම අතර, රජුගේ බිරිඳ, රජුගේ සොයුරිය සහ රජුගේ දියණිය වැනි නාමයන් හමු වේ. ඇය පිළිබඳ රැජිනියන්ගේ නිම්නයෙන් හමුවූ (QV47) ඇගේ දියණිය වූ අහ්මෝස්ගේ මමී වස්ත්‍රයෙහි ද සඳහන් වේ. අහ්මෝස් ද රජුගේ දියණිය සහ රජුගේ සොයුරිය යන නාමයන් උසුලා ඇත. මින් පැහැදිළි වන්නේ අහ්මෝස් යනු සෙකෙනෙන්රේ ටාඕ රජුගේ සහ සිට්ඩ්ජෙහුටිගේ දියණියක බවයි.
මරණය සහ භූමදානය
සිට්ඩ්ජෙහුටිගේ මමිය 1820දී සොයාගැනුණු අතර, ඒ සමග ඇගේ මිනීපෙට්ටිය, රන් වෙස්මුහුණ, හෘද ස්කැරබ් රුවක් සහ ඇගේ ලේලිය වූ අහ්මෝස්-නෙෆටාරි විසින් ප්‍රදානය කළ ලිනන් ද විය. ලිනන්වල මෙලෙසින් සටහන් කොට තිබේ:
- දෙවියන්ගේ බිරිය, රජුගේ බිරිය සහ රජුගේ මව වූ අහ්මෝස් නෙෆටාරි, ඇය සදා දිනේවා! විසින් ප්‍රිය සිට්ඩ්ජෙහුටි වෙත ප්‍රදානය කෙරුණකි
සැට්ඩ්ජෙහුටිගේ මිනීපෙට්ටියේ පියන වර්තමානයේ මියුනිච්හි තබා ඇති අතර, ඇගේ අවමංගල වෙස්මුහුණ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (EA 29770) ප්‍රදර්ශනයට තබා ඇත.
මූලාශ්‍ර
- ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3
- ඩැනියල් පොල්ස්, Der Beginn des Neuen Reiches: zur Vorgeschichte einer Zeitenwende, වෝල්ටර් ඩි ගෘයිටර්, 2007, පි. 350
- ග්‍රැටෙජ්ස්කි, ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්වීන්ස්: අ හයිරොග්ලිෆික් ඩික්ෂනරි, 2005
- එස්. ක්වර්ක් සහ ජේ. ස්පෙන්සර්, ද බ්‍රිටිෂ් මියුසියම් බුක් ඔෆ් ඊජිප්ට්, පිටු. 188-189
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිට්ඩ්ජෙහුටි පිළිබඳ තොරතුරු, සිට්ඩ්ජෙහුටි යනු කුමක්ද? සිට්ඩ්ජෙහුටි යනු කුමක් දර්ශනය කරන්නේ?