සිරිල් පොන්නම්පෙරුම

ආචාර්ය සිරිල් ඇන්ඩෲ පොන්නම්පෙරුම (1923 ඔක්තෝබර් 16 - 1994 දෙසැම්බර් 20) යනු ජීවයෙහි සම්භවය සෙවීම සඳහා පර්යේෂණ සිදු කළ ශ්‍රී ලංකානු විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ ඇපලෝ වැඩසටහනෙන් රැගෙන ආ චන්ද්‍රයාගේ පස් නියැදියන් විශ්ලේෂණය කිරීම සඳහා ඔහුව තෝරාගැනීමෙන් පසුවය.

සිරිල් පොන්නම්පෙරුම
සඳෙන් ගෙන ආ පාෂාණ නියැදියක් සිරිල් පොන්නම්පෙරුම විසින් විශ්ලේෂණයට ලක් වෙමින්
උපත16 ඔක්තොම්බර් 1923
මරණයදෙසැම්බර් 20, 1994(1994-12-20) (වයස 71)
ටකෝමා උද්‍යානය, මේරිලන්ඩ්
පුරවැසිභාවයශ්‍රී ලංකානු (1923-1971)
එක්සත් ජනපද (1971-1994)
උගත් ශාස්ත්‍රාලයදොඩන්දූව ශ්‍රී පියරතන විද්‍යාලය,
St. Aloysius' College, Galle
University of Madras
University of London
University of California, Berkeley
AwardsOrdre des Arts et des Lettres
Scientific career
ක්ෂේත්‍රයඅජීවජ්නනය
ආයතනUniversity of Maryland
බලපෑමGeorgi Gladyshev

චරිතාපදානය

සිරිල් පොන්නම්පෙරුම 1923 ඔක්තෝබර් 16 වැනිදා ශ්‍රී ලංකාවේ ගාල්ලේදී උපත ලැබීය. ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1948 දී ඉන්දියාවේ මද්‍රාස් වීශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තේය. පසුව එක්සත් රාජධානියට ගිය පොන්නම්පෙරුම 1959 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. ඒ සමයේදි ඔහුට ජීවයේ සම්භවය ගැන පර්යේෂණ සිදු කරමින් සිටි මහාචාර්ය ජේ.ඩී. බර්නාල් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් හිමිවිය. ඉන්පසු එක්සත් ජනපදයට ගිය ඔහු 1962 දී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේය. ඒ නොබෙල් ත්‍යාගලාභී මෙල්වින් කැල්වින් ගේ මගපෙන්වීම ඔස්සේ ය.

1962 දී පොන්නම්පෙරුමට නාසා හි ඇමීස් පර්‍යේෂණ මධ්‍යස්ථානයේ තනතුරක් හිමිවූ අතර, 1963 දී ඔහු නාසාහි අභ්‍යාවකාශ ජීව විද්‍යා අංශයට එකතු විය. එහිදී අජීවජ්නන අංශයේ පාලනයට පත්වූ ඔහු, ඇපලෝ ව්‍යාපෘතියෙන් ගෙන ආ චන්ද්‍ර පස් නියැදි විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රධාන විමර්ශකයා ලෙස පත් කරනු ලැබීය. එයින් පසු, නාසා හි වයිකින් සහ වොයේජර් වැඩසටහන් සඳහා සම්බන්ධ වූ ඔහුට අභ්‍යවකාශ විද්‍යා උපදේශක සභාව සහ නාසා ආයතනයේ ජීව විද්‍යා උපදේශක සභාව යන දෙකෙහිම සාමාජිකත්වය ලබා දෙන ලදී.

ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ට අනුව, "ඔහු තරම් ජාත්‍යන්තර ජනප්‍රියත්වයට සහ ගෞරවයට පාත්‍රවූ වෙනත් ශ්‍රී ලංකානු සම්භවයක් සහිත විද්‍යාඥයෙකු නොවන තරම්" ය. ඔහුගේ ජීවිත කාලය තුල පොන්නම්පෙරුම, විද්‍යාත්මක ප්‍රකාශන 400 කට වඩා නිෂ්පාදනය කරන ලද අතර කීර්තිමත් අධ්‍යයන තනතුරු කිහිපයක්ම හොබවන ලදි.

ඔහුගේ අධ්‍යයන කටයුතුවලදී ප්‍රධානවම අවධානය යොමු කළේ ජීවයේ සම්භවය සෙවීම ගැන වුවද චන්ද්‍රයාගේ පස් විශ්ලේෂණය කිරීම සඳහා ඔහු පත් කිරීමෙන් පසු පොන්නම්පෙරුමගේ නම සහ ඡායාරූප ලෝක ප්‍රසිද්ධ පුවත්පත් සහ සඟරාවල (Time සහ Newsweek ආදී) මුල් පිටුවල පළ විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිරිල් පොන්නම්පෙරුම පිළිබඳ තොරතුරු, සිරිල් පොන්නම්පෙරුම යනු කුමක්ද? සිරිල් පොන්නම්පෙරුම යනු කුමක් දර්ශනය කරන්නේ?