සිල්ලර වෙළෙඳාම

භාණ්ඩය මිලදී ගන්නේ පරිභෝජනය සඳහා නම් සිල්ලර වෙළෙඳාමක් වේ.


සිල්ලර වෙළෙන්ඳාගේ කාර්යයන්

1.විශාල තොග වශයෙන් ගෙන සුළු වශයෙන් පාරිභෝගිකයාට අලෙවි කිරීම

2.පාරිභෝගිකයාට භාණ්ඩ හඳුන්වාදීම

3.පාරිභෝගික අවශ්‍යතා කල්තියා දැන ගැනීම

4.ණයට භාණ්ඩ විකිණීම

5.විකුණූ භාණ්ඩ ගෙන ගොස් බාරදීම

6.නිෂ්පාදකයාට හා තොග වෙළෙන්ඳාට පාරිභෝගික ප්‍රතිචාර දැනුම්දීම

7.භාණ්ඩ ප්‍රවර්ධනයට හවුල්වීම

8.පාරිභෝගිකයාට උපදෙස් දීම


සිල්ලර වෙළෙන්ඳාගෙන් පාරිභෝගිකයාට වන සේවා

1.විකුණු භාණ්ඩ ගෙන ගොස් බාර දීම

2.භාණ්ඩ ණයට විකිණීම

3.පාරිභෝගිකයන්ට උපදෙස් දීම

4.මිල වැඩි භාණ්ඩ කොටස් වශයෙන් ගෙවීමට ලබා දීම

5.පාරිභෝගිකයන්ට එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීම

6.නව භාණ්ඩ හා නව විලාසිතා පාරිභෝගිකයාට හඳුන්වාදීම


සිල්ලර වෙළෙන්ඳාගෙන් නිෂ්පාදකයාට වන සේවා

1.නිෂ්පාදකයාට ණය සැපයීම

2.භාණ්ඩ ප්‍රචාරණයට හවුල්වීම

3.වෙළෙඳපොළ සබඳතා ගැන නිෂ්පාදකයාට දැනුම් දීම

4.නිෂ්පාදකයාගේ භාණ්ඩ විකිණෙන තෙක් ගබඩාවල ආරක්ෂා කිරීම

5.නිෂ්පාදකයාට තම කටයුතු ගැන අවධානය යොමු කර එය සාර්ථකව කළ හැකි වීම

6.පාරිභෝගික ප්‍රතිචාර තොග වෙළෙන්ඳා මඟින් දැනුම් දීම


සිල්ලර වෙළෙඳාමේ ප්‍රභේද

•ස්ථථාවර

•සංචාරක

•සුළු පරිමාණ

•මහා පරිමාණ

•ගෙන් ගෙට යන වෙළෙන්ඳා

•පදිකයා

•පොළෙන් පොළ වෙළෙන්ඳා

•කඩය

•බඩු මැස්ස

•සාප්පුව

•ආංශික

•නානාංශික

•බදි

•සුපිරි

•සමූපකාර

•රාජ්‍යානුබද්ධ මධ්‍යස්ථාන

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිල්ලර වෙළෙඳාම පිළිබඳ තොරතුරු, සිල්ලර වෙළෙඳාම යනු කුමක්ද? සිල්ලර වෙළෙඳාම යනු කුමක් දර්ශනය කරන්නේ?