සීවලී මධ්‍ය විද්‍යාලය, රත්නපුර

1909දී බ්‍රිතාන්‍ය ලංකාවේ මුල්ම බෞද්ධ පාසල් කිහිපයෙන් එකක් ලෙස ඇරඹි සීවලී මධ්‍ය මහා විද්‍යාලයය මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය ප්‍රධාන පාසලකි. සිසුන් 3500කට අධික සංඛ්‍යාවක් සිටින මෙම පාසලේ ගුරුවරුන් 175 පමණ ඉගැන්වීම් කටයුතු වල නිරත වේ. ප්‍රධාන වශයෙන් 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් හට ඇතුළත් වී උසස් ලෙස ද්විතීක අධ්‍යාපනය හැදෑරීම සඳහා සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය මත ඉදි වූවකි. මධ්‍ය විද්‍යාල සංකල්පය 20 වන සියවසේ මැද භාගයේ බිහිවූවක් වුවද මෙම පාසල සියවසකට මඳක් වැඩි ඉතිහාසයකට උරුමකම් කියයි. 1909දී රත්නපුර නගරයේ ගඟබඩ පාරේ කුඩා නිවසක සිසුන් 15දෙනෙකුගෙන් පමණ ඇරඹි මෙම පාසල අද වන විට රත්නපුර නව නගරාසන්නයේ හිදැල්ලන ප්‍රදේශයේ අක්කර 17ක පමණ භූමි භාගයක සිසුන් 3500කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලබාදෙන විද්‍යාලයකි. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් රැසක් බිහිකල විද්‍යාලයකි.

සීවලී මධ්‍ය විද්‍යාලය
විද්‍යාලයීය ප්‍රධාන ශාලව
ස්ථානය

ඛණ්ඩාංක6°42′48″N 80°23′07″E / 6.71333°N 80.38528°E / 6.71333; 80.38528
තොරතුරු
වර්ගයජාතික පාසලකි
ආදර්ශ පාඨය
පඤ්ඤාය පරිසුජ්ජති
අර්ථය : "ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න"
ආරම්භ කලේ1909
ආදිකර්තෘමහනුවර සෙනෙවිරත්න මැතිතුමා
විදුහල්පතිකපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත
වර්ණ(ය)රත්‍රන් සහ කොළ         
අනුබැඳියබෞද්ධ

විදුහල් ගීතය

සීවලි විදුහල් මෑණිගේ
නාමය සුරකිමු සෑම දිනේ//

බැතිපා සැමදා ජීවය පුබුදා
තෙද කිතු ගොස පතුරා
මතු ජාතික දියුණ පතා

සීවලි විදුහල් මෑණිගේ
නාමය සුරකිමු සෑම දිනේ//

එක මව් දරුසේ සත් කිරි බීලා
අවදිව වීර ගති පාලා
සීවලි නාමේ ලෝතුල නංවමු
මිණිපුර මිණිකැට විලසා

ජයවේ-සැරදේ-ජයවේ-සැරදේ
ගරු විදුහල් මාතා...

සීවලි විදුහල් මෑණිගේ
නාමය සුරකිමු සෑම දිනේ//

විදුහල්පති ලැයිස්තුව

  1. මහනුවර සෙනෙවිරත්න (1909-1914)
  2. ෆ්‍රැන්සිස් පෙරේරා (1914-1919)
  3. එම්.ඒ. පීටර් (1919-1926)
  4. පී.ජේ. ජයරත්න (1926-05-03 සිට 1930-09-14)
  5. කේ.ඒ. දල්පතාදු (1930-09-15 සිට 1944-01-31)
  6. ඩී.ටී. දෙවේන්ද්‍ර (1944-03-01 සිට 1948-05-01)
  7. ආර්.ඩී. සිරිසේන (1949-05-03 සිට 1951-05-07)
  8. එම්.බී. රත්නායක (1951-10-01 සිට 1955-12-02)
  9. ඩී.ඩී.පී. සමරවීර (1956-01-02 සිට 1964-01-04)
  10. ඩබ්.ඒ.ඩී.එස්. ගුණතිලක (1964-02-04 සිට 1966-03-10)
  11. එචි.බී. වීරකෝන් (1966-08-13 සිට 1968-02-24)
  12. සී.ටී.එම්. ප්‍රනාන්දු (1968-03-15 සිට 1973-05-14)
  13. යූ.බී. රත්නායක (1973-05-14 සිට 1973-06-25)
  14. දයා අකුරැටියගම (1973-07-02 සිට 1974-12-20)
  15. කපිතාන් වික්මන් බී. රාමචන්ද්‍ර (1975-01-01 සිට 1976-05-10 හා 1991-05-01 සිට 1992-10-12)
  16. මොහාන් ශ්‍රී කාන්ත ගුණසේකර (1978-08-01 සිට 1986-08-11)
  17. ඩබ්.ඇම්.ඩී.ඒ. බණ්ඩාර (1986-10-06 සිට 1988-06-16)
  18. ආරියදාස විදානගේ (1992-10-28 සිට 1994-09-28)
  19. ඩබ්.එම්. ගුණතිලක ( 1988-06-16 සිට 1991-03-11 හා 1994 සිට 2001)
  20. ධනපාල මුදියන්සේලාගේ ගුණරත්න (2001-05-25 සිට 2004-02-24)
  21. දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න (2004-03-03 සිට 2007-08-09)
  22. කේ.කේ.පී. ආරියසිංහ (2008-05-15 සිට 2020-03-04)
  23. කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත(2020-03-05 සිට මේ දක්වා)

ක්‍රීඩා හා විෂය බාහිර කටයුතුන්

නිවාස

නිවාසය වර්ණය නම් කරන ලද්දේ
විජය      රතු විජය රජු සිහිවීම පිණීස
ගැමුණු      නිල් දුටු ගැමුණු රජු සිහිවීම පිණීස
පරාක්‍රම      කොළ මහා පරාක්‍රමබාහු රජු සිහිවීම පිණීස
ආටිගල      කහ විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම විද්‍යාලයේ උන්නතිය සඳහා කැප වී කටයුතු කළ ඒ.සී. ආටිගල මැතිතුමා අනුස්මරණය පිණිස

විද්‍යාලයෙන් බිහිවූ සුවිශේෂ පුද්ගලයින්

වෛද්‍යවරු
සීවලියෙන් බිහිවූ මුල්ම වෛද්‍යවරුන් දෙදෙනා වූයේ මහාචාර්ය කේ. ධර්මදාස සහ මානසික රෝග විශේෂඥ වෛද්‍ය එම්.ඒ.එස්. රාජකරුණාය. ඉන්පසු සිය දහස් ගණනක් වෛද්‍යවරුන් සීවලියෙන් බිහිව ඇත.

මහාචාර්යවරු, ආචාර්යවරු සහ කථිකාචාර්යවරු
මහාචාර්ය ඉන‍්‍ද්‍රරත්න බාලසූරිය, මහාචාර්ය දයානන්ද සෝමසුන්දර, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය ටී.ආර්. ආරියරත්න, මහාචාර්ය පී.ජී.ආර්. ධර්මරත්න, ආචාර්ය ඹස්කා දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්.වී. කරුණාසේන

පරිපාලන නිලධාරීහු
පරිපාලන සේවයේ කුසුමා විලේගොඩ, ඒ.සී.පී. වීරසූරිය, සිමෙන්ති සංස්ථාවේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ උපදේශක කේ.වී.එච්. ප්‍රේමචන්ද්‍ර, රාජ්‍ය සේවා වැටුප් කොමිසමේ සභාපතිත්වය දැරූ තිස්ස දේවේන්ද්‍ර, අමාත්‍යංශ ‍ලේකම් තොසපාල හේවගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.ජී. පුංචිඅප්පුහාමි සහ විධායක අධ්‍යක්ෂ පී. වත්තේගම. ශ්‍රී ලංකා මැණික් සංස්ථාවේ ආරම්භක සභාපති ටී.ජී. පුංචිඅප්පුහාමි.

නීතී ක්‍ෂේත්‍රය
දිසා විනිසුරු පී. මාරපන, අධිනීතීඥ ඩී.පී.ඩී.එම් ද සිල්වා. ජනාධිපති නීතීඥ ඩී.පී. කුමාරසිංහ, ධනපාල ආටිගල, සී.ජේ. බටුගෙදර, කොල්වින් සෙනෙවිරත්න

කලාකරුවෝ
ප්‍රවීණ සිනමා නළු ජෝ අබේවික්‍රම, නාට්‍ය අධ්‍යක්ෂක චන්ද්‍රසේන දිසානායක, නැටුම් ශිල්පි ශාන්ත දිසානායක

ජනමාධ්‍යවේදීන්
හෙන්රි තෙන්නකෝන්, කාටූන් ශිල්පී බී.ඒ. සිරිවර්ධන, ජයවිලාල් විලේගොඩ, නෙවිල් අබේගුණවර්ධන, අජිත් ලාල් ශාන්ත උදය

කිවියෝ
බඹරබොටුවේ සුධර්ම සෙනෙවිරත්න, ධර්ම ශ්‍රී කුරුප්පු, කුලරත්න බුලත්ගම, නිවිතිගල මායාදුන්නේ

ලේඛකයෝ
රාජ්‍ය සම්මානලාභී හේමා චන්ද්‍රිකා ලියනගේ, උපාලි උභයසේකර, ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ

ගණකාධිකාරීවරු
යසපාල කරුණාසිංහ, ආර්.ඒ. ජයවීර

පොලිස් නිළධාරීහු
ශ්‍රී ලංකා පොලීසියේ රාජ්‍ය නිවේදිත තනතුරකට පත්වූ ප්‍රථම මධ්‍ය විද්‍යාල ශිෂ්‍යයා වන තිලක් ඉද්දමල්ගොඩ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විය. නියෝජ්‍ය පොල්ස්පතිවරු වන ඩී.ටී.එම්. සෙනරත්, ලයනල් කරුණාසේන, ආනන්ද හෙට්ටිආරච්චි

හමුදා නිළධාරීහු
බ්‍රිගේඩියර් ජයම්පති විජේරත්න, කර්නල් නලින්ද කුමාරසිංහ වැනි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීවරුන්ට අමතර රට වෙනුවේන දිවි පිදූ හා දැනටද සේවයේ නියුතු රණවිරුවන් ගණන අති මහත්ය.

ක්‍රීඩා
2006 සාෆ් කවපෙත්ත ඉසව්වෙන් රන් පදක්කම්ලාභී පද්මා නන්දනී විජේසුන්දර, 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී වෙඩි තැබීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ රුවිනි තක්ෂිලා අබේමාන්න, 1999 සාෆ් බොක්සිං ලෝකඩ පදක්කම්ලාභී චන්දිමාල් ඇලෙක්සැන්ඩර්, බොක්සිං ලෝක සූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කල කමල් සමීර ඉන්දික චාමින්ද විතානගේ‍් ඩබිලිවි. එමි. සුතත්

දේශපාලඥයෝ
1956 රජයේ ප්‍රථම සංස්කෘතික ඇමති ජයවීර කුරුප්පු, පා.ම., මහ ඇමති හා අණ්ඩුකාරවරයෙකු වූ මොහාන් සාලිය එල්ලාවල, පා.ම. ප්‍රේමලාල් ජයසේකර

මීට අමතරව සමාජ විද්‍යාඥ පණ්ඩුල ඇඳගම, අධ්‍යපන විශේෂඥ මහින්ද රණවීර සහ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ද සීවලී මධ්‍ය විද්‍යාලයෙන් බිහි කර ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සීවලී මධ්‍ය විද්‍යාලය, රත්නපුර පිළිබඳ තොරතුරු, සීවලී මධ්‍ය විද්‍යාලය, රත්නපුර යනු කුමක්ද? සීවලී මධ්‍ය විද්‍යාලය, රත්නපුර යනු කුමක් දර්ශනය කරන්නේ?