ක්‍රි.ව. 12වන සියවසේ දක්කිණදේශයේ සහ රුහුනේ රජ කල මාණභරණ රජ ගේ මව සුගලා දේවිය වේ. රණකාමී වීර කතක් ලෙස සැලකේ.
| සුගලා දේවිය | |
|---|---|
| රුහුණේ රාජ්‍යාධිකාරිණිය | |
| රාජ්‍ය සමය | පොළොන්නරුව යුගය(12වන සියවස) |
| පූර්වප්‍රාප්තිකයා | II මාණාභරණ කුමරු |
| අනුප්‍රාප්තිකයා | මහා පරාක්‍රමබාහු රජ |
| භූමදානය | මීවත්පුර |
| වල්ලභයා | සිරිවල්ලභ කුමරු |
| දරුවන් | ලීලාවතී රැජිණ II මාණාභරණ කුමරු |
| පියා | පළමුවන විජයබාහු රජ |
| මව | ලීලාවතී බිසව |
දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්‍ෂාකොට පුතුවූ මාණාභරණ රජ වෙත භාරදී ඇත. මාණභරණ රජගේ මරණින් පසු රජරට රජකල පළමුවන පරාක්‍රමබාහු රජ රුහුණ ආක්‍රමණය කර සුගලා දේවිය ජීවග්‍රහයෙන් අල්වා දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තම භාරට ගෙන ඇත.
පසුව එතුමිය පොළොන්නරුවට රැගෙනගොස් එහි ජීවත් විමට සැලැස්සු අතර එතුමියගේ මරණින් පසු එතුමියගේ දේහය ගෞරව සහිතව පොළොන්නරුව මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත තිබූ ගල් ගුහාවක තැන්පත් කල බව ජනප්‍රවාදයේ සඳහන්ය.
මතබේදාත්මක
ක්‍රි.ව.2013 වසරේ ඔක්තෝබර් මාසයේදී පිරිසක් විසින් ගල් කොරියක මුවාවෙන් මීවත්පුර පිහිටි පර්වතයක් පුපුරවා එතුමියගේ දේහය තිබූ තැනින් ඉවත්කොට ආභරණ සොරකම් කොට දේහය පුළුස්සා දැමිමට කටයුතු කල බවට විවිධ අංශ මගින් චෝදනා එල්ල විය. කෙසේ නමුදු පුරාවිද්‍යාඥයින් විසින් මෙම චෝදනා පදනම් විරහිත බවට මත පළ කරන ලදී.
මේවාද බලන්න
මූලශ්‍ර
- http://sinhala.adaderana.lk/news.php?nid=37898
- සංරක්ෂිත පිටපත, http://dinamina.lk/2013/10/04/_art.asp?fn=n1310041, ප්‍රතිෂ්ඨාපනය 2013-10-04
- "මීවත්පුරෙන් හමුවුණේ සුගලා දේවියගේ සිරුර ද?". සිළුමිණ. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුගලා දේවිය පිළිබඳ තොරතුරු, සුගලා දේවිය යනු කුමක්ද? සුගලා දේවිය යනු කුමක් දර්ශනය කරන්නේ?